කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරේ සිටින රැඳවියන් බැලීම සඳහා පසුගිය කාල සීමාවේදී එහි පැමිණි ඔවුන්ගේ ඥාතින් 119 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටි අතර මෙම පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳී සිටින පුද්ගලයින් බැලීමට පසුගිය මාර්තු, අප්‍රේල්, මැයි යන කාල සීමාවේදී අවසරය හිමි නොවූ බවද පැවසීය.
මේ අතර සේනපුර ප්‍රදේශයේදී පුද්ගලයින් 144 දෙනෙකු ගේ සහ හැඳල රෝහලේදී තවත් 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද දිනයේදී සිදුකිරිමට නියමිතව ඇති බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටි.
හැඳල ප්‍රදේශයට කැඳවා ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනුරුත්ථාපනය කොට නිවෙස් වලට යැවු අය බවත් මිට අමතරව කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිට නිවාඩු ලබා ගොස් සිටි කාර්ය මණ්ඩලයේ පිරිස් කටුකැලියාව ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසීය.
කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ රෝගීන්ට ප්‍රතිකාර කිරිම එම ස්ථානයට යාබදව පිහිටා ඇති ගොඩනැගිල්ලක සිදු කරන බවත් මේ වන විට එම ගොඩනැගිල්ල රෝහලක් බවට පත්කිරිම සිදුකොට තිබෙන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.