27 April 2024
#දේශීය

නිරෝධායන නීති ගැසට් කරන්න – PHI සංගමය ඉල්ලයි

කෙවිඩ් 19 පාලනය කිරීම සඳහා රජය විසින් නීති සම්පාදනය කර ඊට නිරෝධායන නීති අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි ද ඔහු සඳහන් කර සිටියි.

 එසේ නොවන්නේ නම් කොවිඩ් දෙවැනි රැල්ල පාලනය කිරීම ගැටලුවක් වන බව ද ඔහු පවසන අතර නාත්තන්ඩිය – කොට්ටරාමුල්ල ප්‍රදේශයේ නිවස 09 ක පුද්ගලයින් 37 දෙනෙකු ස්වයං නීරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය නිලධාරීන් මේවන විට කටයුතු කර ඇති බවත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *