27 April 2024
#දේශීය

කොස්ගොඩ තාරකාගේ සමිපතයා අත්අඩංගුවට

ආදුරුප්පුවිදිය ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රියේදී හොරොයින් සමඟ සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවෙදී සැකකරු සතුව හොරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 230 ක් තිබි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක යන අයගේ සමිපතයෙකු බව අනාවරණ වී ඇත. එසේම ඔහු විසින් අපරාධ රැසකට සම්බන්ධ වී ඇති බව අනාවරණ වී ඇත.

ඒ, 2007 වර්ෂයේදී බලංගොඩ දී මොහුගේ මාමාට වෙඩි තබා තුවාල සිදු කිරීමක් කර ඇති අතර එම නඩුව බලංගොඩ මහේස්ත්‍රාත් අධීකරණයේ විභාග වෙමින් පවති. සංවිධානත්මක අපරාධකරුවෙකු වන සමයන් සමඟ නවගමුවේදී පුද්ගලයෙකුට ගිනි අවියකින් පහරදී තර්ජනය කිරීමක් සම්බන්දයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවති.

2018 වර්ෂයේදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක කොටසක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා වරදකරු වී දඩයක් නියම කර තිබේ.

දෙමටගොඩ ප්‍ර දේශයේ අයුතු ලෙස නිවසකට ඇතුළු වී පුද්ගලයින් බිය වද්දා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයන් නඩුවක් විභාගය වෙමින් පවති. 2013 වර්ෂයේදී මිනුවන්ගොඩ දී ගිනිඅවි පෙන්වා බිය ගන්වා රන්භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියක් සම්පන්ධයෙන් ද නඩුවක් විභාගය වෙමින් පවතියි.
එසේම මෙම සැකකරු පුද්ගලික බැංකු ගිණුමක මාස 03 ක් ඇතුලත හාරකෝටි විසි අට ලක්ෂ විසි එක්දහක මුදලක් සංසරණය වී ඇති බව පොලිසියට තොරතුරු අනාවරණ වී තිබේ.

සැකකරුව අද (10 ) දින අලුත්කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ලබන 15 වනදා තෙක් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ආදුරුප්පුවිදිය පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ඇත.

 

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *