• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොස්ගොඩ තාරකාගේ සමිපතයා අත්අඩංගුවට

10 July 2020
in දේශීය

ආදුරුප්පුවිදිය ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රියේදී හොරොයින් සමඟ සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවෙදී සැකකරු සතුව හොරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 230 ක් තිබි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක යන අයගේ සමිපතයෙකු බව අනාවරණ වී ඇත. එසේම ඔහු විසින් අපරාධ රැසකට සම්බන්ධ වී ඇති බව අනාවරණ වී ඇත.

ඒ, 2007 වර්ෂයේදී බලංගොඩ දී මොහුගේ මාමාට වෙඩි තබා තුවාල සිදු කිරීමක් කර ඇති අතර එම නඩුව බලංගොඩ මහේස්ත්‍රාත් අධීකරණයේ විභාග වෙමින් පවති. සංවිධානත්මක අපරාධකරුවෙකු වන සමයන් සමඟ නවගමුවේදී පුද්ගලයෙකුට ගිනි අවියකින් පහරදී තර්ජනය කිරීමක් සම්බන්දයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවති.

2018 වර්ෂයේදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක කොටසක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා වරදකරු වී දඩයක් නියම කර තිබේ.

දෙමටගොඩ ප්‍ර දේශයේ අයුතු ලෙස නිවසකට ඇතුළු වී පුද්ගලයින් බිය වද්දා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයන් නඩුවක් විභාගය වෙමින් පවති. 2013 වර්ෂයේදී මිනුවන්ගොඩ දී ගිනිඅවි පෙන්වා බිය ගන්වා රන්භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියක් සම්පන්ධයෙන් ද නඩුවක් විභාගය වෙමින් පවතියි.
එසේම මෙම සැකකරු පුද්ගලික බැංකු ගිණුමක මාස 03 ක් ඇතුලත හාරකෝටි විසි අට ලක්ෂ විසි එක්දහක මුදලක් සංසරණය වී ඇති බව පොලිසියට තොරතුරු අනාවරණ වී තිබේ.

සැකකරුව අද (10 ) දින අලුත්කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ලබන 15 වනදා තෙක් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ආදුරුප්පුවිදිය පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ඇත.

 

 

 

දිලිනි සමන්මලි 

Post Views: 4
Previous Post

කන්දකාඩු ගිය ඥාතීන් නිරෝධායනයට – කඳවුරේ කොටසක් රෝහලක් කරයි

Next Post

ඡන්දෙන් පස්සේ රාජ්‍ය සේවකයාගේ පඩි අඩු කිරිමේ සුදානම් ගැන පාඨලි කියයි

editor

editor

Next Post

ඡන්දෙන් පස්සේ රාජ්‍ය සේවකයාගේ පඩි අඩු කිරිමේ සුදානම් ගැන පාඨලි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved