• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කන්දකාඩු ගිය ඥාතීන් නිරෝධායනයට – කඳවුරේ කොටසක් රෝහලක් කරයි

10 July 2020
in දේශීය

කන්දකාඩු මත්ද්‍රව්‍ය  පුනරුත්ථාපන කඳවුරේ සිටින රැඳවියන් බැලීම සඳහා පසුගිය කාල සීමාවේදී එහි පැමිණි ඔවුන්ගේ ඥාතින් 119 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා  පවසයි.

අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටි අතර මෙම පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳී සිටින පුද්ගලයින් බැලීමට පසුගිය මාර්තු, අප්‍රේල්, මැයි යන කාල සීමාවේදී අවසරය හිමි නොවූ බවද පැවසීය.

මේ අතර සේනපුර ප්‍රදේශයේදී පුද්ගලයින් 144 දෙනෙකු ගේ සහ හැඳල රෝහලේදී තවත් 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද  දිනයේදී සිදුකිරිමට නියමිතව ඇති බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටි.

හැඳල ප්‍රදේශයට කැඳවා ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනුරුත්ථාපනය කොට නිවෙස් වලට යැවු අය බවත් මිට අමතරව කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිට නිවාඩු ලබා ගොස් සිටි කාර්ය මණ්ඩලයේ පිරිස් කටුකැලියාව ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසීය.

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ රෝගීන්ට ප්‍රතිකාර කිරිම එම ස්ථානයට යාබදව පිහිටා ඇති ගොඩනැගිල්ලක සිදු කරන බවත් මේ වන විට එම ගොඩනැගිල්ල රෝහලක් බවට පත්කිරිම සිදුකොට තිබෙන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 6
Previous Post

නිරෝධායන නීති ගැසට් කරන්න – PHI සංගමය ඉල්ලයි

Next Post

කොස්ගොඩ තාරකාගේ සමිපතයා අත්අඩංගුවට

editor

editor

Next Post

කොස්ගොඩ තාරකාගේ සමිපතයා අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved