කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබු ගංවතුර තත්ත්වයන් ද පහව යමින් පවතින බවයි.
කෙසේ වෙතත් කැලණි ගඟේ නාගලගම්වීදිය ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් පමණ පැවතියා.
එය අද අලුයම 03.00 වන විට අඩි 7.90 ක් දක්වා අඩු වී තිබෙනවා.
නමුත් තවදුරත් මහ ගංවතුර තත්ත්වයක් පවතිනවා.
හංවැල්ල ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් පැවතියා.
එය අද අලුයම 03.00 වන විට අඩි 7.93 ක් දක්වා අඩු වී තිබෙනවා.
කෙසේ වෙතත් තවදුරටත් එය අවධානම් මට්ටමේ පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල ද ජලමට්ටම් මේ වන විට පහළ යමින් පවතිනවා.
කළුගඟේ ඇල්ගම ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 10.40 ක් ලෙස පැවතියා.
එය අද අලුයම 03.00 වන විට අඩි 10.30 ක් දක්වා අඩු වී තිබෙනවා.
මල්වතු ඔයේ තන්තිරමලේ ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 8.98ක්ව පැවතියා.
එම ජාල මට්ටම අලුයම 03.00 වන විට අඩි 8.95 ක් දක්වා අඩු වී තිබෙනවා.
නමුත් එය තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක් බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.













