8 September 2024
#ක්‍රීඩා #පුවත්

කොදෙව්වන් තරගාවලියෙන් ඉවතට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තීරණාත්මක තරගයක් අද (24) දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එය කඩුලු 3 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය.

මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු වාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 135ක් රැස් කළේය.

කයිල් මෙයර්ස් ලකුණු 35ක් රැස්කළ අතර රෝස්ටන් චේස් පන්දු 42කදී ලකුණු 52ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ඇරඹු දකුණු අප්‍රිකානුවන්ට පන්දු වාර 2කදී කඩුලු 2ක් දැවී ලකුණු 15ක්ව තිබියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.

ඒ හේතුවෙන් ඩක්වර්ත් සහ ලුවිස් ක්‍රමවේදය අනුව දකුණු අප්‍රිකාවේ ඉලක්කය පන්දු වාර 17කදී ලකුණු 123ක් දක්වා වෙනස් විය.

ඔවුන් 17 වන පන්දු වා රයේ පළමු පන්දුවේදී මාර්කෝ යැන්සන් එල්ලකළ 6 පහරත් සමග තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර සම-සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වුණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *