• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පිලිකා ඖෂධය තිබියදී එයම සාමාන්‍ය මිලට වඩා සියයට 254 මිලකට මිලදි ගෙන

24 June 2024
in දේශීය, පුවත්
පිලිකා ඖෂධය තිබියදී එයම සාමාන්‍ය මිලට වඩා සියයට 254 මිලකට මිලදි ගෙන

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන කාලයේ මාස 10ක් සදහා ප්‍රමානවත් අයුරින් පිළිකා රෝගීන්ට ලබාදෙන රිටොක්සි මැප් නමැති (Rituximab inj. 500mg) ඖෂධය ගබඩාවල තිබියදි බාල පිලික ඖෂධයක් සාමාන්‍ය මිලට වඩා සියයට 254ක ඉහළ මිලකට මිලදි ගැනිම හේතුවෙන් රජයට රුපියල් හයකෝටි පනස්තුන් ලක්ෂ පනස්දහස් තුන්සිය හතළිස් දෙකක (65,350,342 ) පාඩුවක් සිදුකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකී එක් එන්නතක් හදිසි මිලදී ගැනීම යටතේ ඇමරිකානු ඩොලර් 152ක් වැනි ඉහළ මිලක් යටතේ එන්නත් කුප්පි 2250ක් මිලදිගෙන ඇත්තේ ප්‍රශ්න සහගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් (Human Immunoglobulin) නමැති ඖෂධ වංචාවට සම්බන්ද සැපයුම්කාර සමාගමෙන් බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. එමෙන්ම මෙකී ඖෂධය හදිසි මිලදී ගැනීම යටතේ සම්පාදනය කරගැනිමේ අවශ්‍යතාවයක් නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ගුණත්වය, ආරක්ෂාව , තහවුරු නොකරණ ලද ඖෂධයක් මෙරටට ගෙන්විම සදහා මෙකි සමාගම වෙත පිටු බලයක් සපයා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. සැපයුම්කාර සමාගම විසින් මෙකි එන්නත් තොගය සැපයිමේ දි වංචනික ලෙස ලියාපදිංචියෙන් නිදහස් කිරිමේ සහතිකයක් සහ ඉන්දියාවේ නිෂ්පාදකගේ නම ඇතුලත් කරමින් ලේඛන ඉදිරිපත් කර තිබුණි.

මෙකි ඖෂධය මිලදි ගැනිමේ දි ඇගයිම් කමිටුවට කිසිදු තාක්ෂණික ප්‍රවිණයකු හෝ විශේෂඥ වෛද්‍යවරයකු පත්කර නොතිබුණු බවත් අභිලාෂ කැදවිමේ ක්‍රියාවලිය භාරව කටයුතු කළ අතිරේඛ ලේකම්ගේ උපදෙස් අනුව මිල හා තොග ලබාදිමේ කාලසටහන් පිළිබදව පමණක් නිරික්ෂණය කරඇති බව විගණන වාර්තාවේ සදහන් වේ.මෙකී ඖෂධයේ එන්නත් කුප්පි 104ක් රෝගීන් වෙන නිකුත් කොට තිබුණි.

චන්දන සමරවික්‍රම

Post Views: 20
Previous Post

ඩොලර් මිලියන 2120ක් 2023දී ලංකාවට ණය හා ආධාර ලෙස ලැබිලා

Next Post

කොදෙව්වන් තරගාවලියෙන් ඉවතට

Editor TTV News

Editor TTV News

Next Post
කොදෙව්වන් තරගාවලියෙන් ඉවතට

කොදෙව්වන් තරගාවලියෙන් ඉවතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved