මෙරට වාර්තා වු 12 වන කොරෝනා රෝගී මරණය අද පෙරවරුවේ වාර්තා වු බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මිය ගිය රෝගියා වයස 47හැවිරිදි වියේ පසු වු කාන්තාවකි.
ඇය පසුගිය 20 වනදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ තිබේ. ඇය පිළිකා රෝගයෙන් ද පෙළි සිටි අතර කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇති අතර රෝගියා හෘදයාබාධ තත්ත්වයක් මත මිය ගොස් ඇති බව වෛද්‍ය අංශ පවසයි.