• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝඨාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය රතුපස්වල ඝාතනයට වඩා භායානකයි – අගමැති  

5 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝඨාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය රතුපස්වල ඝාතනයට වඩා භායානක බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ විශ්ව විද්‍යාලවල ප්‍රවේශය සඳහා දැනට පවත්නා දිස්ත්‍රික් ඉසෙඩ් ස්කොර් ක්‍රමය වෙනුවට පාසැල් මට්ටමෙන් ඉසෙඩ් ස්කෝර් ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති බවයි. එමගින් සිදු වන්නේ ගම්බද දුෂ්කර පාසල් සදා කල්හිම සංවර්ධනයකට පාත්‍ර නොවීම සහ දක්‍ෂ තරුණ තරුණියන්ට විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට තිබූ අවස්ථාව අහිමි වීම බව අග්‍රාමාත්‍යවරයා අනාවරණ කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (04) කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ විද්වත් කථිකාවකට එක් වෙමින්.

ගම්බද පාසැල් සඳහා හොඳ ගුරුවරුන්, පහසුකම් හා ගොඩනැගිලි ලබා දෙමින්, ඒ පාසැල්වල අධ්‍යාපන මට්ටම ඉහළ නංවනු වෙනුවට ගෝඨාභය රාජපක්‍ෂ මහතා යෝජනා කරන්නේ ඒ පාසැල් සදාකාලිකවම නොදියුණු මට්ටමෙන් පවත්වාගෙන යමින් ඉසෙඩ් ස්කොර් මට්ටම් පහත දැමීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම බවත්, එය රතුපස්වල සිදු කළ ඝාතනයට වඩා භයානක ක්‍රියාවක් බවත් අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, එමගින් වසරකට දරු දැරියන් ලක්‍ෂ දෙකකගේ අනාගතය එකවර ඝාතනය කෙරෙන බව පැවසීය.

ලෝකයේ කිසිඳු රටක විභාගයකින් තොරව පාසල් විභාගවලින් විශ්ව විද්‍යාලවලට දරුවන් ඇතුළත් කර නොගන්නා බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, එවැනි විනාශකාරී ක්‍රමවේදයක් ගෙන ඒමට සූදානම් වන ගෝඨාභය රාජපක්‍ෂ නොවැම්බර් 16 වැනි දා පරාජයට පත්කොට දරුවන්ගේ අනාගතය ආරක්‍ෂා කර දිය හැකි පාලනයක් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති නැණ පවුර වෘත්තීයවේදී එකමුතුව, ශ්‍රී ලංකා තරුණ ලිබරල් සංසදය සහ තවත් සංවිධාන ගණනාවක් එක්ව පැවැත්වූ විද්වත් කථිකාවකට එක් වෙමින් මේ බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා, ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කිරීමට යන විනාශකාරී ක්‍රියාවෙන් නිදහස් අධ්‍යාපනයත්, දරුවන්ගේ අනාගතයත් ආරක්‍ෂා කර ගැනීම සඳහා සියලූ බලවේග ක්‍රියා කළ යුතු බව අවධාරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා “ විශ්ව විද්‍යාලවලට ළමුන් තෝරා ගැනීමට ඇති දිස්ත්‍රික් ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කරන බව ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කොට තිබෙනවා. එම ක්‍රමය අහෝසි කිරීමෙන් උත්සාහ ගන්නේ නිදහස් අධ්‍යාපනයට තිත තැබීමටයි. නමුත්, අපේ ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපනය සැමට ඇති අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඒ අනුව ක්‍රියා කරනවා. අධ්‍යාපනය නැමැති ඉනිමගේ ඉහළට නගින්න සියලූ දෙනාම දිරිමත් කරනවා. ඒ සඳහා ප්‍රතිපත්ති, පහසුකම් හා සැලසුම් සකස් කරනවා. සියලූ පාසල් හොඳම පාසල් බවට පත් කිරීම අපේ අරමුණයි. වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම, පාසල් විෂය මාලාවට තාක්‍ෂණ අධ්‍යාපනය එක් කිරීම, ළඟම පාසල – හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කිරීමට අප පියවර ගෙන තිබෙනවා. ඉසෙඩ් ස්කොර් ක්‍රමය ඉවත් කර පාසල අනුව විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම මේ අයගේ සැලසුමයි. එය කළ හැකි දෙයක් නොවෙයි. අද ක්‍රියාත්මක ඉසෙඩ් ස්කොර් ක්‍රමයට අනුව දේශපාලන බලපෑම් මත හෝ වෙනත් බලපෑමකින් විශ්ව විද්‍යාලවලට දරුවන් ඇතුළත් කළ නොහැකියි. ඒ සඳහා පවතින එකම ක්‍රමය දක්‍ෂතාවයෙන් විභාග සමත් වීමයි. ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කිරීම යනු සමාජයේ සමානාත්මතාවය ඇති කරන ප්‍රධානතම ආයුධය නැති කිරීමයි. දක්‍ෂතාව අනුව ඉදිරියට යාමට තිබෙන අවස්ථාව අහිමි කිරීමයි. ඒ අනුව එමගින් විශාල හානියක් සමාජයට සිදුවිය හැකියි. ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කර ඇති කරනවා යැයි කියන විද්‍යාත්මක ක්‍රමය කුමක්ද? සෑම පාසලකටම විභාගයක් පවත්වනවාද? පාසල් ගණනාවක් එකතු කර විභාග පවත්වනවාද? මෙය හරි විහිලූවක්. ලෝකයේ කිසිම රටක පාසල් විභාග ප්‍රතිඵල පදනම් කර ගෙන විශ්ව විද්‍යාලවලට දරුවන් ඇතුළත් කරන්නේ නැහැ. ඒ සඳහා පිළිගත් ක්‍රමවේද තිබෙනවා. එසේ නම් ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කිරීමට තිබෙන අවශ්‍යතාව කුමක්දැයි ගෝඨාභය රාජපක්‍ෂ රටට කිව යුතුයි. ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කිරීම දුප්පත් ප්‍රදේශවල, දුප්පත් පාසල්වලින් දක්‍ෂතාවය මත ඉදිරියට එන දරුවන්ට කරන බලවත් අසාධාරණයක් බව කිව යුතුයි. මෙහි අවසාන ප්‍රතිඵලය ලන්ඩන් උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව දරුවන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක් විය හැකියි. වැඩ වසම් යුගයක හැර කිසි දවසක විභාග ක්‍රමයකින් දක්‍ෂයන්ට ඉදිරියට යාමට තිබෙන අවස්ථාව නතර කර නැහැ. ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කරනවා කියන්නේ රතුපස්වල ඝාතනයට වඩා භයානක ක්‍රියාවක් බව කිව යුතුයි. රතුපස්වල ජීවිත ඝාතනයක් සිදු වුණා. මෙමගින් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට සිටින තරුණ තරුණියන්ගේ අනාගතය ඝාතනය කරනවා. ඒ අනුව වසරකට තරුණ තරුණියන් ලක්‍ෂ දෙකකගේ අනාගතය ඝාතනය කරනවා. මේ නිසා ගෝඨාභය “ටර්මිනේටර්” නාමයෙන් හඳුන්වනවා. එය ඔහුගේ නමට උචිතම නාමය බව කිව යුතු බව” ද වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම අවස්ථාවට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි සහ විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරු ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 8
Previous Post

අතපාන ජිවිත අපිට එපා … මේ රට නැගිට්ටවන්න අයයි ඕන – දුමින්ද

Next Post

චන්ද්‍රිකාගෙන් මෛත්‍රිට ලියුමක් .. අමතක තැන් මතක් කරයි

editor

editor

Next Post
චන්ද්‍රිකාගෙන් මෛත්‍රිට ලියුමක් .. අමතක තැන් මතක් කරයි

චන්ද්‍රිකාගෙන් මෛත්‍රිට ලියුමක් .. අමතක තැන් මතක් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved