හන්තාන කඳු පන්තියේ පිහිටි අන්තරායකර “කටුසු කොණ්ඩය” (Katusu Konda) ප්‍රදේශය තරණය කිරීමට ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දියත් කළ විශේෂ මෙහෙයුමකින් පසු සුවසේ බේරාගෙන තිබේ.
මෙම මුදාගැනීමේ මෙහෙයුම සඳහා 111 වන පාබල බලසේනාවට අයත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 2 වන (ස්වේච්ඡා) බලඇණියේ නිලධාරීන් දෙදෙනෙකු සහ සෙබළුන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී ඇත. අප්‍රේල් 12 වන දින පස්වරු 6.40 ට පමණ ආරම්භ වූ මෙම මෙහෙයුම, දැඩි අන්ධකාරය සහ මීදුම සහිත දුෂ්කර තත්ත්වයන් මධ්‍යයේ රාත්‍රිය පුරා ක්‍රියාත්මක විය.
අතුරුදන් වූ පුද්ගලයා අප්‍රේල් 13 වන සඳුදා පෙරවරු 7.45 ට පමණ නිරුපද්‍රිතව සොයා ගැනීමට හමුදා කණ්ඩායම සමත් විය. උත්සව සමයේ කඳු තරණය වැනි ක්‍රියාවල නිරත වීමේදී වඩාත් අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














