27 April 2024
#දේශීය

ගෝඨාට එයාගේ තියා බිරිඳගෙවත් ඡන්දේ නැති බව කිරිඇල්ල කියයි

අද ගෝඨාභය අපේක්ෂකතුමාට අභියෝග පිට අභියෝග එල්ල කලත් විවාදයකට නොයෙන්නේ එතුමාට අපේක්ෂකයෙක් හැටියට සංයමයෙන් හික්මීමක් ඇතිව කිසිම උත්තරයක් දෙන්න හැකියාවක් නොමැති නිසා බව සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ මහතා අද (09) අම්පිටිය ප්‍රදේශයේ ජනහමුවකට එක්වෙමින් කියා සිටියේ ලබන 16 වනදාට ඡන්දය ප්‍රකාශ කරන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාවක් නොමැති බවයි. ගෝඨාභය රාජපක්ෂ මෙන්ම එතුමාගේ බිරිඳටවත් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය නැති බව හෙතෙම පැවසිය.

ඒ පිළිබඳ වැඩිදුරටත් කිරිඇල්ල මහතා මෙසේ අදහස් පල කළේය “ අද ගෝඨාභය අපේක්ෂක තුමාට අභියෝග පිට අභියෝග එල්ල කලත් විවාදයකට නෝයේන්නේ එතුමාට අපේක්ෂකයෙක් හැටියට සංයමයෙන් හික්මීමක් ඇතිව කිසිම උත්තරයක් දෙන්න හැකියාවක් නොමැති නිසා. එතුමාට අද දෙන්න උත්තර නෑ, ඒ වගේම 16 වැනිදාට එතුමාට දාගන්න එතුමාටම කියලා ඡන්දෙත් නෑ. කොටින්ම කිව්වොත් සිය බිරිඳගේ ඡන්දයවත් එතුමාට නෑ. අද මහලොකුවට ජාතිආලෙන් කතාකරාට වසර අවුරුදු පහළොවකට ඉස්සර එතුමා සිය පවුල පිටින් රට දාලා ඇමෙරිකාවට ගිහින් පදිංචි උදවිය.

තරුණයෙක් හැටියට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකතුමාට රටේ සෑම ජන කොටසකටම, සෑම සමාජ තීරුවකටම අවශ්‍ය රැකවරණය, සංවර්ධනය ළඟා කර දෙන්න නවීන දැක්මක් තියෙනවා. එතුමාට අපේ නුවර දිස්ත්‍රික් මැතිවරණ ජයග්‍රහනය ගැන දැඩි විශ්වාසයක් තිබෙන අතර, එතුමා මහනුවර සංවර්ධනයට විශේෂ අවධානයක් මේන්ම ප්‍රායෝගික වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් ප්‍රධානම තැනක් ගන්නේ මහනුවර නගරයේ තදබදය මීට විසඳුමක් හැටියට තැන්නෙකුඹුර සුදුහුම්පොළ උමංමාර්ගය කොරියානු ආධාර යටතේ ස්ථාපනය කරන්නට අපි කටයුතු කරනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිතුමා සඳහන් කර සිටියේ මේවර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති සහ යෝජනා සියල්ලම ඉදිරිපත් කර ඇත්තේ රටේ ආර්ථික විශේෂඥයන් සහ බුද්ධිමතුන්ගේ උපදෙස් අනුව බවත් එම නිසා එම සියලුම යෝජනා ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නව රජයට පවතින බවත්ය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *