27 April 2024
#දේශීය

ගෝඨා දින්නොත් එකේ ගෞරවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂටයි …. බැසිල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයේ විශාලතම ගෞරවය හිමිවිය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) දෙහිවල පැවැති ජනහමුවකට එක්වෙමින්ය.  එහිදී බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණේ පිරිස් එකතු නොවුනානම් දෙපිරිසම විනාශ වන බවයි. මෙම ජයග්‍රහණයේදී ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයින් කරන පරිත්‍යාගය, රටේ ජයග්‍රහණයට, සෞභාග්‍යයට හේතුවන බව හෙතෙම පැවසයි.

ජයග්‍රහණයේ වැඩිම ගෞරවය ශ්‍රී.ල.නි.ප.යට. පොහොට්ටුවේ අය නම් කැමතිවෙන එකක් නැති නමුත් සත්‍ය එය බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *