ජනාධිපතිවරණය සදහා ඇප මුදල් භාරගැනිම අද(19) දින සිට ආරම්භ වෙයි.ඒ අනුව ලබන මස 06 වනදා දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
මේ වන විට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 18ක් පමණ ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසම වෙත දැනුම්දී තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක මහතා ද, පෙරටුගාමි සමාජවාදී පක්ෂය දුමින්ද නාගමුව මහතා ද, අපේක්ෂකයන් ලෙස නම් කර ඇත.
ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්විමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ.
පෙර පුවත්
නව ජනපති තේරීමේ දිනය ප්රකාශයට පත් කෙරේ