27 April 2024
#දේශීය

එජාපයේ ජනපති අපේක්ෂකයා ගැන තිරණය ලබන සතියේදී

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමකදී තීරණය කරන බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

ඒ මහතා කියා සිටියේ මෙවර ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා කවුරුන් ද යන්න ලබන සතියේ රැස්වී තීරණය කරන බව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් තමන්ට දැනුම්දුන් බවයි.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හෙට දින පස්වරු 6 ට පමණ පැවැත්වෙනු ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *