27 April 2024
#දේශීය

unp අපේක්ෂකයා සජිත් වුණොත් ශ්‍රීලනිප සහායත් ලැබෙන ලකුණු …!

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා වුවහොත් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලැබෙනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටි.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළදී එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා බොහෝ විට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා දෙනු ඇති බව ජනාධිපතිවරයා සමීපතමයෙකු කියා සිටියේය.

කෙසේ නමුත් ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ගන්නා තීරණය අනුව නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය පවා තීරණය වනු ඇති අතර ඒ පිළිබඳ සාකච්ඡාවක් ඉදිරි දින කිහිප තුළදී ගනු ඇති බව වාර්තා වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *