• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ආණ්ඩුවකට ලෑස්ති නැහැ.. අපි බොර දියේ මාළු බාන්නේ නැහැ – එජාපය

2 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂය රජය සමග එක්ව ජාතික ආණ්ඩුවක් සෑදීමට උත්සාහ කර බවට බංකොලොත් දේශපාලන කණ්ඩායම් ගෙන යන අසත්‍යයක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ එම බංකොලොත් දේශපාලන පක්ෂ විසින් ගෙන යන ප්‍රචාර එක්සත් ජාතික පක්ෂය ලෙස පිළිකුලෙන් යුතුව බැහැර කරන බවයි.

මේ වන විට රට තුළ තිබෙන්නේ දේශපාලන බල කඳවුරු ආරක්ෂා කර ගැනීමේ සටනක් නොව රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කර ගැනීමේ සටනක් වන අතර ඒ තුළ බොර දියේ මාළු බාමින් තම පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

 

එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කල නිවේදනය පහත පරිදි වේ.

 

ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂ නායකයින් සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අතර සාකච්ඡාවක් පැවැත්වූයේ රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරොනා වසංගතයෙන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන තිබෙන සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය රජයට දැනුම් දීම සඳහා ය.

මේ වනවිට කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙන් ම ජනතාවට සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කර ඇති යාන්ත්‍රණයේ තිබෙන අඩුපාඩු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් රජය සමඟ කරුණු සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක කණ්ඩායම කටයුතු කරන ලදී.

එහිදී ,
•ජනතාවට සහනාධාර ලබාදීමේ ක්‍රමවේදයේ ඇතැම් ස්ථාන අවස්ථාවාදී පටු දේශපාලනයේ ගොඳුරු බවට පත් වීමෙන් මතුව ඇති ගැටලු

•දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් වඩාත් විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම

•ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා ඉදිරිපත්ව ඇති රෝහල් කාර්ය මණ්ඩල සහ වෛද්‍යවරුන්ගේ සුරක්ෂිත බව සම්බන්ධයෙන් වන ගැටළු සහ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ඇඳුම් සහ උපකරණ හිඟයකින් තොරව ලබාදීමේ වැදගත්කම

•පවතින තත්වය සමඟ රටේ ආර්ථිකය අඛණ්ඩව ශක්තිමත්ව පවත්වාගෙන යාම පිළිබඳව සහ රාජ්‍ය, පුද්ගලික සහ වැවිලි ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් කම්කරුවන් මෙන්ම දෛනික වැටුප් ලබන ජනතාව මුහුණදෙන ගැටළු

•ඖෂධ මිලදී ගැනීමට යාමේදී ජනතාව මුහුණ පා තිබෙන ප්‍රයෝගික ගැටළු

•කොරෝනා මර්දන වැඩ පිළිවෙල තවදුරටත් සාර්ථක කර ගැනීම සදහා රජ්‍ය අංශය ගෙනයන වැඩපිළිවෙල සදහා අදාල සියලු පුද්ගලික අංශ වල සහය ලබාගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත්කම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ අවධානය යොමුවිය.

එක්සත් ජාතික පක්ෂය කිසි විටෙකත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යහපත් දේ විවේචනය කිරීමට හෝ අයහපත් දේ අගය කිරීමට කටයුතු නොකළ ප්‍රතිපත්ති ගරුක දේශපාලන භාවිතාවකින් යුතු පක්ෂයක් බව අවධාරණය කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමු.

මේ වන විට මෙරට පාලන බලය දරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයකි.එබැවින් අර්බුදය ජය ගැනීම සඳහා කටයුතු කිරීමේ වගකීම පැවරෙන්නේ ද ඔවුන්ට ය.

පුද්ගලික මතවාදයන්ට අනුව කැමති වුවද අකමැති වුවද අපට රට මුහුණ දී ඇති තත්වයෙන් රටත් ජනතාවත් මුදාගැනීම සඳහා කටයුතු කරන්නට වන්නේ ඔවුන් සමඟය. රජය කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ගත් ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි විවේචනයක් එක්සත් ජාතික පක්ෂයට තිබේ.නමුත් මේ විවේචන සිදු කරමින් කටයුතු කළයුතු කාලයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයයි.

කළ යුතුව ඇත්තේ සියලු දේශපාලන වාදභේද පසෙකළා සියලු දෙනා එක්ව අඩුපාඩු සොයා බලා කටයුතු කරමින් මෙම බරපතල ව්‍යසනයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට කැපවීම පමණි.එය මේ රටේ සබුධික ජනතාව සහ එක්සත් ජාතික පාක්ෂිකයින් හොදින් අවබෝධ කරගනු ඇත.

මේ තත්ත්වය තුළ රජය තුල සහ විපක්ෂයේ සිටින විවිධ බංකොලොත් සහ අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන් කණගාටුවෙන් යුතුව බැහැර කරන අතර එක්සත් ජාතික පක්ෂය සහ රජය එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් මේ දක්වා සිදුව නොමැති බව ද නැවත අවධාරණය කරන්නෙමු.

මාධ්‍ය ඒකකය
එක්සත් ජාතික පක්ෂය

 

 

දිලිනි සමන්මලි ්

Post Views: 1
Previous Post

මත්තේගොඩ මරණය කොරෝනා නොවේ !

Next Post

මෙරට කොරෝනා ආසාධිතයින් 150 දක්වා ඉහලට

editor

editor

Next Post

මෙරට කොරෝනා ආසාධිතයින් 150 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved