27 April 2024
#දේශීය

මත්තේගොඩ මරණය කොරෝනා නොවේ !

මත්තෙගොඩ ප්‍රදේශයෙන් හමුවූ  පුද්ගලයාගේ මරණය කොරොනා වයිරසය හේතුවෙන් වූ මරණයක් නොවන බවට වෛද්‍ය පර්යේෂණායතන  වාර්තාව තහවුරු කර ඇතැයි  කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ පවසයි.

ඒ නිසා මෙම  මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී අද (02)) සිදුකෙරුණ අතර හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කරන ලදී.

 ඒ අනූව   මරණයට හේතුව හෘද රෝගයක් හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නිගමනය කළේය .

එසේම මෘතදේහය කොහුවල සුසාන භූමියේදී දෙවැනිදා  ආදාහනය කරන ලෙසටද හදිසි මරණ පරීක්ෂක විසින් පොලිසිය ට නියෝග කළේය.

ඒ අනුව මේ බව මරණකරුගේ නෑයන්ට දන්වා අද දිනයේදීම මෘත දේහය මෘත දේහය ආදාහනය කිරීමට පියවර ගන්නා බව පොලීසිය පැවසීය .

මේ අතර මරණකරු විදේශගතව සිට පැමිණි අයකු බැවින් ඔහුට කොරෝන රෝගය වැළඳී නොමැති බවට තහවුරු වී තිබුණත් නිවැසියන් දින දාහතරක් නිරෝධායනයට ලක් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී ලබා දී ඇත.
 

Leave a comment

Your email address will not be published. Required fields are marked *