• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ණය බරින් තිබු රට ශක්තිමත් පරිවර්තනයක් කීරීමට අපිට හැකි වු බව අගමැති කියයි

28 August 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ණය බරින් මිරිකුණු දුර්වල, අස්ථාවර හා ලෝකයෙන් හුදෙකලා වෙමින් පැවති රටක් 2015 වසරේ බාර ගැනීමට සිදු වුවද එය ණය ගෙවීමට ශක්තිය ඇති ස්ථාවර හා ශක්තිමත් රටක් බවට පරිවර්තනය කිරීමට මේ අණ්ඩුවට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කි.මී. 215.93 ඉදිකිරීම, නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

රට දීප්තිමත් අනාගතයක් කරා ගෙන යාමේ සැලසුම් සහ ශක්තිය ඇත්තේ තම ආණ්ඩුව සතුව බැවින් ඉදිරි වසර 5 තුළ ඒ සැලසුම් ක්‍රියාත්මක කරලමින් රට ගොඩ නංවා ගැනීමේ අවකාශ සලසා ගැනීමට එක් වන ලෙසද වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය “මුතූර් ප්‍රදේශයට මම පළමුවෙන්ම පැමිණියේ ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීතුමාගේ පියාණන් සමඟ බව විශේෂයෙන් මතක් කළ යුතුයි. එතුමාත් සමඟ මගේ කිට්ටු ඇසුරක් තිබුණු නිසා මෙම ප්‍රදේශයේ පාසල් ගොඩනැගිලි විවෘත කිරීම් සඳහා අධ්‍යාපන ඇමති වශයෙන් මට නිතරම ආරාධනා ලැබුණා. මෙම ප්‍රදේශයට මුලින් පැමිණෙන විට මාර්ග පද්ධති නිසිලෙස සකස් කර තිබුණේ නැහැ. මාර්ගයෙන් අඩක් වැලිවලින් වැසි තිබුණා. මුතූර් ප්‍රදේශයට රථවාහන, මගින් ගමන් කිරීමත් අපහසු තත්වයක පැවතුණා. පාලම් පද්ධති නොතිබුණු නිසා ගමන් කිරීමට පාරු පැමිණෙන තෙක් එදා බලාසිටීමට සිදුවුණා. චීන වරායේ සිට වෙරුගල් ආරු තෙක් බෝට්ටු මගින් ප්‍රවාහනය සිදුවුණා. අතීතයේ රජ සමයේත් මෙලෙසම ප්‍රවාහන කටයුතු සිදුව තිබුණා. අද දිනයේ පමණක් කබීර් හෂීම් ඇමතිතුමා මෙම දිස්ත්‍රික්කයට මාර්ග 124 ක් අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ ලබා දෙනවා. විශාල මාර්ග පද්ධතියක් මෙම ප්‍රදේශයට ලබාදී තිබෙනවා. ගම්පෙරළිය, රන් මාවත්, උදාගම්, ළඟම පාසල හොඳම පාසල ඇතුළු වැඩසටහන් මගින් විශාල වශයෙන් සංවර්ධන කටයුතු ප්‍රදේශ තුළ සිදුවෙමින් තිබෙනවා. තරුණ කණ්ඩායම් සඳහා ලබාදීමට සෑම මන්ත්‍රිවරයෙකුටම ශරීර සුවතා කට්ටල 03 බැගින් ලබාදීමට ඉදිරියේ දී අපි පියවර ගන්නවා.

පසුගිය වසර කිහිපය තුළ විශාල සංවර්ධනයක් සිදුකර තිබෙන නිසා ව්‍යාපෘති විවෘත කිරීමට මන්ත්‍රීවරුන්ට කාලය නොමැති වී තිබෙනවා. මෙම ප්‍රදේශයේ මාර්ග පද්ධති වැඩිදියුණු කිරීමට අපේ අවධානය යොමු වී තිබෙනවා. චෙන්කලාඩි මාර්ගයේ වැඩකටයුතු කබීර් හෂීම් ඇමතිතුමාත් සමඟ ආරම්භ කිරීමට හැකි වුණා. ඒ වගේම කෝකිලායි පාලම ඉදිකිරීමට අපි පියවර ගන්නවා. ඒ හරහා නැගෙනහිර සිට යාපනයට යෑමට එක් මාර්ග පද්ධතියක් ඇති වෙනවා. මාර්ගවලට පමණක් සිමා නොවී සංචාරකයින් ගෙන්වා ගැනීමට මඩකලපුව ගුවන්තොටුපල හා පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ වසර අවසාන වීමට පෙර පලාලි ගුවන් තොටුපලට ඉන්දියානු ගුවන් සේවා පැමිණෙන බව සඳහන් කරන්න කැමතියි. මඩකලපුව ගුවන්තොටුපලට ගුවන් සේවා පැමිණිමත් සමඟ මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය තවත් දියුණුවට පත්වෙනවා.

කබීර් හෂීම් ඇමතිතුමාගේ අමාත්‍යාංශය මගින් රට පුරා මාර්ග පද්ධති විශාල ප්‍රමාණයක් වැඩිදියුණු කර තිබෙනවා. ඊට අමතරව රන් මාවත් වැඩසටහන මගින් ග්‍රාමීය මාර්ගවල විශාල දියුණුවක් ඇතිවී තිබෙනවා. 2015 වසරේ රට භාරගන්නා අවස්ථාවේ රටට ජීඑස්පී ප්ලස් බදු සහනය තිබුනේ නැහැ. රට තුළ සංහිදියාව ස්ථාපිත වී තිබුණේ නැහැ. ණයක් ලබාගැනීමට නොහැකි ආර්ථිකයක් පමණක් අපට උරුමකර තිබුණා. පසුගිය වසර කිහිපය තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කර ආදායම් ඉහල නැංවීමට අපි පියවර ගෙන තිබෙනවා.
වැට් බදු පැනවු අවස්ථාවල ජනතාව අපට දෝෂාරෝපනය කළා. එම දෝෂාරෝපන ඉවසමින් ඉදිරියට ගිය නිසා රට සංවර්ධනය කළ හැකි ආර්ථිකයක් අපට හිමි වී තිබෙනවා. අයකර ගත් වැට් බදුවල ප්‍රතිඵල අද ජනතාවට භුක්ති විදීමට හැකි වී තිබෙනවා. මාර්ග පද්ධති ඉදිකිරීම, උදාගම් වැඩසටහන මගින් නිවාස ඉදිකිරීම, සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම ළඟම පාසල හොඳම පාසල වැනි වැඩසටහන් මගින් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා.

කඩා වැටුණු ආර්ථිකයක් හිමි රටක් අපට භාරගැනීමට සිදුවුණා. එම තත්වයේ රට භාරගෙන ඉදිරියට ගෙන යෑමට අප කටයුතු කළා. මේ සියලූ දියුණුව ඇති කරමින් සිටින විට දින 52 ක් ආණ්ඩු බලය අපට අහිමි වුණා. නමුත් එම අභියෝගයට මුහුණ දී රට යථා තත්වයට පත්කිරීමට අපට හැකි වුණා. එයින් පසුව වැඩකටයුතු සිදුකරන විට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වුණා. රට ඉවරයි, ත්‍රස්තවාදය නැවතත් පැමිණ ඇතැයි බොහෝ දෙනෙක් පැවසුවා. ළමයින් පාසල් වෙත නොයවන ලෙසත්, ව්‍යාපාර ආයතන වසා දමන ලෙසත් ඉල්ලීම් කළා. ඇතැම් කණ්ඩායම් මුස්ලිම් ජාතිකයින්ගේ ව්‍යාපාර ගිනිබත් කිරීමට පියවර ගත්තා. හෝටල්වල බෝම්බ පිපිරීම් සිදු වූ නිසා සංචාරකයින්ගේ පැමිණිම නතර වුණා. ජන ජීවිතය, සාමාන්‍ය කටයුතු අඩපණ වුණා. ප්‍රකාශ කරන්න බැරි තරමේ දෝෂාරෝපණ රජයට එල්ල වුණා. එම අභියෝගවලට මුහුණ දී රට ඉදිරියට ගෙනයෑම වෙනුවෙන් අප සියලූ කටයුතු සිදුකළා. ගම්පෙරළියේ මීළඟ මිලියන 100 ක මුදල ලබාදෙන ලෙස මම උපදෙස් ලබාදුන්නා. රට පුරා ඉදිකළ පාසල් ගොඩනැගිලි විවෘත කිරීම කාලයක් නොමැති නිසා එක් දිනයක පාසල් ගොඩනැගිලි 500ක් ඉදිකිරීමට අපි තීරණය කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් ආර්ථිකයට බලපෑම් එල්ල වී තිබුණත් වසර 20 ක් ලබාදීමට නොහැකිව තිබූ සමෘද්ධි සහනාධාර ලබාදීමට පියවර ගත්තා. සංචාරක ව්‍යාපාරය ගොඩනැගීමට අපි වැඩ පිළිවෙලක් සකස් කර තිබෙනවා. මේ වසර අවසන් වන විට සංචාරකයින් ලක්ෂ 20 ක් පැමිණෙන බව සංචාරක අධිකාරියේ සභාපතිතුමා මට ප්‍රකාශ කළා. ගිය වසරේ පැමිණීම ගැන විමිසීමේ දී එම අගය ලක්ෂ 23 ක් බව ඔහු සඳහන් කළා. නොවැම්බර් මාසය වන විට සංචාරකයින්ගේ පැමිණීම ඉහල යන බව ප්‍රකාශ කරන්න කැමතියි. යුරෝපීය ජාතිකයින් නොවුනත් ඉන්දියයන් හෝ චීන ජාතිකයින්ගේ පැමිණීමේ වර්ධනයක් අප බලාපොරොත්තු වෙනවා.

පසුගිය මාස කිහිපය තුළ ආර්ථිකයේ පසුබෑමක් දක්නට ලැබුණත් වර්තමානය වන විට ආර්ථිකය සාමාන්‍ය අතට හැරී තිබෙනවා. රටේ ජනතාවගේ එදිනෙදා වැඩකටයුතු සාමාන්‍ය අතට පත්වී තිබෙනවා. අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් 200ක් පමණ පොලිස් අත්අඩංගුවේ පසුවෙනවා. එම පිරිස් සමග සබඳතා පැවත්වූ පිරිස් පිළිබඳවත් මේ වන විට පරික්ෂණ සිදුවෙනවා. ප්‍රහාරයන් දුටු විට, “ආණ්ඩුවට බැහැ…, රට ඉවරයි…” යනුවෙන් කණ්ඩායම් දෝෂාරෝපණ එල්ල කළා. ඔවුන් කටින් වැඩ කළ හැකි පිරිසක් වුවත් අපි නිහඬවම කටයුතු කර ප්‍රතිඵල පෙන්වූ පිරිසක් බව සඳහන් කරන්න කැමතියි. එදා යාපනයේ බෝම්බ පිපිරීමක් වූ විට සංචාරකයින්ගේ පැමිණීම වසර දෙකකට අඩු වෙනවා. හෝටල් ව්‍යාපාර කඩා වැටී අඩු මිල ගණන් යටතේ සේවා සැපයීම සිදුවෙනවා. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීමෙන් පසුවත් සංචාරකයින්ගේ පැමිණීම ක්‍රමානුකූලව ඉහල යමින් තිබෙනවා. ජුනි මාසය තුළ ගැටළුකාරී තත්වයක් ඇති වුවත්, එම තත්වය පාලනය කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට අප කටයුතු කළා. ප්‍රශ්නවලින් අපි පැනගියේ නැහැ. අද ලොකුවට කථා කරන කණ්ඩායම් ජීඑස්පී බදු සහන නැති, සංහිදියාව නැති, ස්වාධීන ශ්‍රේෂ්ඨාධිකරණයක් නැති, ණය ලබාගැනීමට නොහැකි රටක් අපට උරුම කර නිල කාලය අවසන් වීමටත් පෙර මැතිවරණයක් කැඳවා ඉන් පරාජය වූණා.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව රට කරගෙන යාමට නොහැකි යැයි කියා මැතිවරණ පැවැත්වීමට අප කටයුතු කළේ නැහැ. නැවත රට ගොඩනැගීමට විශ්වාසය අප සතුව තිබූ නිසා ඒ අනුව කටයුතු කරමින් රට යලි යථා තත්වයට පත්කිරීමට අප කටයුතු කළා.

රට ඉදිරියට ගෙන යාමේ ශක්තිය අප සතුව තිබෙන බව අවධාරණය කරන්න කැමැතියි. රට සංවර්ධනය කර ඉදිරියට ගෙන යා නොහැකි නිසා මීට පෙර පාලකයින් පාලනය අතහැර පලා ගියා. රට ඉදිරියට ගෙන යා හැකි යැයි විශ්වාස කළ නිසා නොයෙක් ආකාරයේ දෝෂාරෝපණ එල්ල වුවත් රට ඉදිරියට ගෙන යාමට අපට හැකි වුණා. රැකියා අවස්ථා වැඩි කරමින් ලබා ගත් ණය නැවත ගෙවිය හැකි තත්වයකට රට පත්කළ යුතුයි. ලබන වසර 05ක කාලය තුළ අපනයන ආර්ථිකයක් ඇති කර රට සංවර්ධනය කරා ගෙන යාමට සියලූ දෙනාටම එක්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා. ධීවර, කෘෂිකර්මාන්ත, සේවා නවීකරණයක් හරහා අපනයන ආර්ථිකයක් බවට පත්කළ යුතුයි. සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 20 සිට ලක්ෂ 43 දක්වා වර්ධනය කිරීමටත් පියවර ගත යුතුයි. රට දියුණුව කරා ගෙන යා හැකි ශක්තිය අප සතුව තිබෙන බව සඳහන් කරන්න කැමතියි. රට බේරා ගත් බව සඳහන් කරමින් කරන සටන් පාඨවලින් රටක් දියුණු කිරීමට නොහැකියි. ජාතියක් වශයෙන් ජාත්‍යන්තරය තුළ දිළිදු ජාතියක් බවට පත් නොවිය යුතුයි. දිළිඳු ජාතියක් දියුණු ජාතියක් බවට පත්කිරීමට ශක්තිය අප සතුව තිබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඉදිරි වසර 05 තුළ දිළිඳු ජාතියක් බවට පත් නොවී දියුණු ජාතියක් බවට පත්වීමට එක්ව කටයුතු කරන ලෙස සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මූතුර්, සේරුවිල, ත්‍රිකුණාමලය ප්‍රදේශවලට මෙහි සිටින මන්ත්‍රීවරුන් විශාල සේවයක් සිදුකරනවා. රටේ ජනතාව තුළ සාමය හා සංහිදියාව ඇති කිරීමට සම්බන්දන් මැතිතුමා සිදුකරන සේවය මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. මේ ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් මේ වන විටත් විශාල ආයෝජන ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. ඉදිරි වසර තුළදීත් එලෙසම මුදල් ප්‍රතිපාදන වෙන්කර මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීමට කටයුතු කරන බවට මම පොරොන්දු වෙනවා.”යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

මෙම අවස්ථාවට මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලාහ් මහරුෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්රාන් මහරුෆ්, එම්එස් තෞෆීක්, කේ ධුරෙයි රත්නසිංගම්, සන්දිත් සමරසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

 

Post Views: 0
Previous Post

කාම්බෝජය හා ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කිරීම සඳහා සාකච්ඡා

Next Post

නිවසක් තුළ නිදන් හැරු 05 ක් අත්අඩංගුවට

editor

editor

Next Post

නිවසක් තුළ නිදන් හැරු 05 ක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ

දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ

22 May 2025
ලුණු වෙනුවට බත් එකට මුහුදු වතුර ඉහගන කන්න වෙනවා – අප්පුහාමි පාර්ලිමේන්තුවේ දී උරණ වෙයි

ලුණු වෙනුවට බත් එකට මුහුදු වතුර ඉහගන කන්න වෙනවා – අප්පුහාමි පාර්ලිමේන්තුවේ දී උරණ වෙයි

22 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

22 May 2025

Recent News

ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ

දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ

22 May 2025
ලුණු වෙනුවට බත් එකට මුහුදු වතුර ඉහගන කන්න වෙනවා – අප්පුහාමි පාර්ලිමේන්තුවේ දී උරණ වෙයි

ලුණු වෙනුවට බත් එකට මුහුදු වතුර ඉහගන කන්න වෙනවා – අප්පුහාමි පාර්ලිමේන්තුවේ දී උරණ වෙයි

22 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ

දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved