27 April 2024
#දේශීය

කාම්බෝජය හා ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කිරීම සඳහා සාකච්ඡා

කාම්බෝජය රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර තානාපති සම්බන්ධතා වර්ධනය කළ ගත යුතු බව කාම්බෝජය රාජ්‍යයේ මුස්ලිම් ආගමික කටයුතු භාර ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වන Dr.Othsman Hassan මහතා හා මෙරට තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.අබ්දුල් හලීම් මහතා අතර හමුවේදී සාකච්ඡා වී තිබේ.

ඊයේ (27) තැපැල් සේවා අමාත්‍යංශයේදී පැවැති මෙම සාකච්ඡාවේදී රටවල් දෙක අතර ඉදිරියේදී ආර්ථික කටයුතු වර්ධනය කරගත යුතු බවද එරට ආයෝජකයන් මෙරට ආයෝජනය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජකයන් එරට ව්‍යාපාරික ප්‍රජාවට හදුන්වා දීමටත් අමාත්‍යවරු දෙදෙනා එකඟ වී තිබේ.

කාම්බෝජයේ මෙන්ම ශ්‍රී ලංකාවද ‍ඓතිහාසික වටිනාකම් ඇති රටවල් මෙන්ම කෘෂිකර්ම, ඇඟළුම්, සංචාරක කර්මාන්ත වලින්ද ඉදිරියට ගමන් කර හැකි හෙයින් දෙරට අතර සුහඳතාවය තව තවත් වර්ධනය කරගත යුතු බව මෙම සාකච්ඡාවලදී අමාත්‍යවරුන් දෙදෙනාම තීරණය කරන ලදී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *