• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ණය හරි වේලාවට නොගෙව්වොත් රට බංකොලොත් – ඇමැති පාඨලි

28 August 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදේශ මූල්‍ය වෙළෙඳ පොලෙන් ලබාගත් ණය නියම නිශ්චිත දිනයේදී නොගෙවූයේ රට බංකොලොත් වන බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) දින දේශයේ උගතුන්, විද්වතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන් සහ සමාජ ක‍්‍රියාකාරින් ඇතුළු පිරිසකගේ අදහස් හා යෝජනා පරිදි යකඩ මිනිසුන්ගේ එකතුවක් ඔස්සේ සැකසුණු ජාතියේ ඉදිරි මග සඳහා වූ ‘විමසුම සහ පිවිසුම’ තිරසර ලියවිල්ල නෙළුම් පොකුණ රඟහලේදී ජනගත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” මෙම ලියවිල්ල පාදක කර ගැනීම සඳහා අපි දිවයින පුරා වෘත්තීයවේදීන් දහස් ගණනක් හමුවුනා. ඒහමුවීම්වල ප්‍රතිඵලයක් හැටියටත්, අප නිවසෙ හමු වූ වෘත්තීයවේදීන් හා සමාජක‍්‍රියාකාරීන් පිරිසකගෙ අදහසුත් කැටිකරගෙන මෙය ඉදිරිපත් කළ යුතුයි කියලා මා කල්පනාකළා. පළමුවෙන්ම මම 2010 වසරේ මම විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා හැටියට ලංකා විදුලි බල මණ්ඩලයට ගිය දවසේ මම බැලූවා ඒ කාලයේ අපේ මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරුවන් ලෙස විභාග සමත්ව 28 දෙනෙකු ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් හැටියට සේවය එක්ව සිටියා ඒ අයගෙන් කී දෙනෙකු සේවයේ යෙදී සිටිනවාද කියා. ඇත්ත වශයෙන්ම තිදෙනෙකුට ආසන්න පිරිසක් තමයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ලෙස ඉතිරිව සිටියේ. අනෙක් සියලූම දෙනා විදේශ ගතවෙලයි සිටියේ. මේක තමයි ඉංජිනේරු වෘත්තිය ගත්තත් නිදහස් අධ්‍යාපනයෙන් මතුව තිබෙන වෛද්‍ය කළමනාකරණ, වාස්තු විද්‍යා ඒ වගේම ගණකාධිකාරී ආදී සියළුම වෘත්තීන් ගත්තත් ඇත්ත තත්වය මෙයයි.

පසුගිය දස වසරක කාලය තුළ මේ රටේ ලක්ෂ 25 කට අධික පිරිසක් විදේශ රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා. මේ ලක්ෂ 25 න් 51,000 ක්ම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් මතු වූ වෛද්‍ය, ඉංජිනේරු හා ගණකාධිකාරී ආදී වෘත්තීන්ට අයත් අය. මේක සංස්ධනය කර බැලූවොත් අද රජයේ වෛද්‍ය සේවයෙන් 25,000 කට අධික පිරිසක් ජීවත් වෙනවා. ඒ වගේම රජයේ සියළුම සේවාවන්වල සාමාජිකයින් ප‍්‍රමාණය 53,000 කට ආසන්නයි. එයින් ඔබට පෙනෙනවා ඇති පසුගිය දශකයේ 51,000 ක් රටින් පිටව ගොස් තිබෙනවා. අද රාජ්‍ය සේවයේ වෘත්තීයවේදීන් කියලා ඉන්නේ 53,000 යි. ඒ කියන්නේ එයින් පෙනෙනවා මේ රට ඉන්න හිතෙන රටක් නොවන බව, විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනයෙන් සේවය ලැබූ අපේ වෘත්තීයවේදීන්ට.

ඒ වගේම මේ විසිපන් ලක්‍ෂයෙන් යම් කිසි වෘත්තීය නිපුණතාවයක් ලැබූ ප‍්‍රමාණය දශ ලක්ෂයකට ආසන්නයි. එනම් 40% කට ආසන්නයි. හුඟ දෙනෙක් සිතන්නේ මේ රටේ ගෘහ සේවිකාවෝ ගැන, ඒ වගේම විදේශගත වන ලාභ ශ‍්‍රමිකයන් ගැන. නමුත් මේ රටේ දශ ලක්ෂයකට අධික යම් වෘත්තීය නිපුණතාවය සහිත පිරිසක් විදේශ ගතවී තිබෙනව පසුගිය කාලයතුළ. ඒ වගේම රටේ ජන ගහණයෙන් තිස් ලක්‍ෂයකට ආසන්න ප‍්‍රමාණයක්, එනම් 15% ක් තමන් ජීවත් වන රට බවට විදේශ රටවල් පත් කරගෙන තිබෙනවා. මේක තමයි අපගේ යතාර්ථය. ඒ නිසා තමයි අපේ අමාත්‍යාංශයේ කාර්ය භාරය ලෙස අප තේරුම් ගත්තේ මේ රට ඉන්න හිතෙන රටක් බවට අපි පරිවර්ථනය කළ යුතුයි විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනයෙන්, නිදහස් සෞඛ්‍යයෙන් ප‍්‍රතිලාභ ලබන අපේ ජනතාව තුළින් ප‍්‍රතිලාභ ලබන පිරිස්වලට රට ඉන්න හිතෙන තැනක් බවට පත් කළ යුතුයි කියලා.

ඒ වගේම දැන් වර්තමාන කථිකාවතක් ආරම්භ වී තිබෙනවා විශේෂයෙන්ම මේ දෙසැම්බර් මාසයට පෙර රටේ ජනාධිපතිවරයා තෝරාගත යුතු නිසා එම ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනකතිකාවතක් ඇති වී තිබෙනවා. ඇතැම් වූ කඳවුරකින් ප‍්‍රකාශ වෙන්නේ රටේ ජාතික ආරක්‍ෂාව තමයි ජාතික කාරණය, එමනිසා ජාතික ආරක්‍ෂාව තහවුරු කළ යුතුයි කියලා. පාස්කු ඉරිදා ප‍්‍රහාරවලින් පසුව ජාතික ආරක්ෂාව පිළිබඳ කතිකාව බොහොම ප‍්‍රබලව අපේ මනස්වලට බියජනක සිහින ගෙන දෙමින් පැමිණියා. නමුත් අපි මතක තබා ගත යුතුයි මේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ අද මතුව තිබෙන තත්වය නව ආගමික මූලධර්මවාදී ත‍්‍රස්තවාදය අතීතයේ පැවැති ත‍්‍රස්තවාදයන් මෙන් පාරේ බැරි ගේට් දාලා ලක්ෂ සංඛ්‍යාත විශේෂ බලකායන් පුහුණු කරලා, කාලතුවක්කු හමුදා යොදාගෙන පරාජය කළ හැකි වර්ගයේ ත‍්‍රස්තවාදයක් නොවන බව. 1971 අප්‍රේල් මාසේ 5 වෙනිදා සන්නද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණේ ආධාර කරුවන් රටේ පොලීසිවලට පහර දුන්නා. ආරක්‍ෂක අංශ එය දින කිහිපයක් ඇතුළත මර්ධනය කළා. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය දශක තුනකට ආසන්න කාලයක් ලේ වගුරමින් ඇදි ගියා. බලප‍්‍රදේශ පාලනය කළා. එය කාලතුවක්කු, මිසයිල, ගුවන් යානා, සබ්මැරීන් ආදිය පාවිච්චි කරපු පරිපූර්ණ යුද්ධයක් බවට පරිවර්තනය උනා. ඒ ත‍්‍රස්තවාදයත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ 88-89 කාලයේ ගෙන ගිය ත‍්‍රස්තවාදී හා කැරළිකාරී කි‍්‍රයා කලාපයත් සමග මේ පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදය සංසන්දනය කරන්න බැහැ. ඒවා අතීතයේ අනෙකුත් කැරළිකාරීත්වයන්, ත‍්‍රස්තවාදී කි‍්‍රය මර්ධනය කළ මූලෝපායන්ගෙන් මෙය පරාජය කළ නොහැකියි. මෙය අලූතින් සිතා කටයුතු කළයුතු තත්වයක්.

ඒ නිසා තමයි ශ‍්‍රී ලංකාව මෙය පරාජය කරන්න නම් තොරතුරු තාක්ෂණය මත පදනම්ව අපගේ ආරක්‍ෂක අංශ සුහුරු ආරක්‍ෂක අංශ බවට පරිවර්තනය කළ යුතුයි. ඒ වගේම ඒ ආරක්‍ෂක අංශවල කි‍්‍රයාකාරීත්වයට මුහුණ දෙන විශේෂ බලකා වගේම අපට අවශ්‍යයි සුහුරු ආරක්‍ෂක මෙහෙයුම් ක්‍ෂෙත‍්‍රයක් මෙය ජය ගැනීම සඳහා. එනිසා පැරණි තාලවලට, පැරණි පිරිස්වලට, පැරණි නායකයින්ට මේ නව ත‍්‍රස්තවාදය ජයගත නොහැකියි. ඒකට නව උපාය මාර්ගයක් අවශ්‍ය කරනවා.

අද රටේ ඇතිවෙලා තිබෙනවා දුගී දුප්පත්කම පිළිබඳව අලූත් සාකච්ඡුාවක්. මේ රටේ 1990 දි තමයි බරපතලම දුගී දුප්පත් කම හා විරැකියාව පිළිබඳ ප‍්‍රශ්න තිබුණේ. රටේ තුනෙන් එකක් දුගී කමේ පහත්ම රේඛාවේ යට ජීවත් උනා. රටේ තරුණ තරුණියෝ ඇතුළු විරැකියාවෙන් පෙලෙන ප‍්‍රමාණය රටේ තුනෙන් එකක් බවට පත් වුණා. නමුත් අද තත්වය බෙහෙවින්ම වෙනස්. අද මේ රටේ දුප්පත්කමේ පහත්ම රේඛාවේ ඉන්නේ 6% ක ප‍්‍රමාණයක්. පවුල් තුන් ලක්‍ෂයක්. ඒ වගේම විරැකියාව පිළිබඳ කාරණය පිටුපස ඉන්නේ 4% කට ආසන්න ප‍්‍රමාණයක්. නමුත් උගත් විරැකියාව 20% කට ආසන්න ප‍්‍රමාණයක් ඒ කියන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ සමතුන්ගේ විරැකියාව 20% ක් තරම් ප‍්‍රබල බවත් අපි අමතක කළ යුතු නැහැ. කෙසේ නමුත් මේ ප‍්‍රශ්නය අද රටේ මූලිකම ප‍්‍රශ්නය බවට පත් කරගෙන අපට මේ සමාජය ඉදිරියට ගෙනයන්න බැරි මේ සමාජය ඊට වඩා වෙනස් ප‍්‍රශ්න ගණනාවකින්, වෙනස් අභියෝග ගණනාවකින් පෙළෙන නිසයි.

ඊ ළඟට මේ රටේ තවත් බලකඳවුරකින් නැගෙන දෙයක් තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස, ඒ වගේම ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පුළුල් කිරීම පිළිබඳව තිබෙන කතිකාව. එයත් අපේ රටට ඉතාම අත්‍යාවශ්‍යයයි. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාව හමුදා පාලනයන් තිබූ රටක් නෙමෙයි. මේ රට ඒකාධිපති ව්‍යූහයකින් පාලනය වනවා දකින්න එක් යකඩ අතකින් පාලනය වනවා දකින්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. ඒ නිසා මේ රටේ ජනතාවට ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස අද කවරදාකටවත් වඩා අවශ්‍යයයි. නමුත් අප මතක තබා ගත යුතුයි අපි බලගතු සමාජ ව්‍යසනයක් කරා ගමන් කරමින් තිබෙනවා නම් අපි බලගතු ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් තිබෙනවා නම් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා මිනිස් නිදහසට එයින් එල්ල වන තර්ජනය ඒ වගේ කිහිප ගුණයක් බව. ඒ දෙස බලමින් මේ කතිකාවන් තුන දිහාම කල්පනා කරමින් රටේ වෙනත් ආකාරයක ප‍්‍රශ්නයක් පිළිබඳව ගැඹුරු සංවාදයක් ඇතිකර ගැනීමටයි මේ ඉන්න හිතෙන රටක් නමින් අද ජනගත කරන මේ ලියවිල්ල අප නිර්මාණය කර තිබෙන්නේ.

අපි ගත්තොත් අපේ මේ 2019 මුල් අවුරුද්දේ පළවෙනි මාස 6 ගත්තොත් අපගේ භාණ්ඩාගාරයට ඉතාම දුෂ්කර මාස 6 ක්. අපගේ රාජ්‍යයේ පඩිනඩි සහ නඩත්තු කටයුතු සඳහා එදිනෙදා වියදම් සඳහා මේ පළවෙනි මාස 6 දී බිලියන 1,150 ක් වැයකරන්න සිදු උනා. ඒ වගේම ප‍්‍රාග්ධන වියදම්, සංවර්ධන වියදම් සඳහා බිලියන 350 ක් වියදම් කරන්න සිදුවුණා. ඒ කියන්නේ ආණ්ඩුවේ ප‍්‍රාග්ධනවියදමයි වර්තන වියදමයි ගත්තහම බිලියන 1,500 යි. ඊ ළඟට ණයයි පොලියයි ගෙවන්න තිබුණා බිලියන 1,100 ක්. ඒ දෙකේම එකතුව ආසන්නයෙන් බිලියන 2,600ක වගේ ලොකු ගාණක්. කීයද ආදායම මේ මාස හයේ ආදායම බිලියන 900 යි. ණයය පොලියයි 1,100 යි. වර්තන වියදමයි ප‍්‍රාග්ධන වියදමයි 1,500 යි ආදායම 900 යි. මේ රටට මෙහෙම යන්න පුළුවන්ද? මේ රට ඉදිරි කාලයේදී මෙහෙම ගමන් කළ හැකිද? කියන ප‍්‍රශ්නය අප හමුවේ තිබෙනවා. මේකට සම්ප‍්‍රදායක උත්තරයක් තිබෙනවා. උත්තරය තමයි අතීතයෙත් ඔහොම තමයි. පසුගිය අතීත කාලවලදිත් මේ රට ඔහොම ණය බරක තමයි හිටියේ. ඒ අතීතයේ ඞී.එස්.සේනානායක යුගයේ සිට රට ණය ගත්තා. ණයගන්නේ නැතිව සංවර්ධනය කරන්න බැහැ. ණය අවශ්‍යයි. ඒ වගේම අපි ඒ ණය වලින් සංවර්ධනය කරනවා නම් ප‍්‍රශ්නයක් නැහැ ඒණය ගෙවන්න පුළුවන් ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන්නම් ආදී වශයෙන් තර්ක විතර්ක.

තවදුරටත් ගැඹුරට ගියා නම් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‍ෂව ණය බර කොපමණද? එහෙම නැත්නම් රජයේ ආදායමෙන් ණයයි පොලියයි ගෙවන්න වැය කරනවාද? එහෙමත් නැත්නම් විදේශ ණය සංරචකය කොපමණද කියන ප‍්‍රශ්න පිළිබඳව සංඛ්‍යාලේඛන පිළිබඳව වාද විවාද අපි දැක තිබෙනවා. මේ අලූත් ණය අර්බුධය පැරණි ණය අර්බුධය වැනි යමක් නොවන බව ඔබට දැන් පෙනී යනවා ඇත. අතීතයේ අපට තිබුණේ සහණදායී ණය තිබුනේ. සියයට දශම එකේ පොළියට අවුරුදු තිහ හතලිහක් ගෙවන්න. උදාහරණයක් හැටියට කඩුවෙල සිට පිටකොටුව දක්වා දිවෙන සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියේ ආධාරය අපට ලැබී තිබෙන්නේ .1% පොලියට. වසර 40 කින් ගෙවන්න. අවුරුදු 15 කින් පසුව ගෙවීම ආරම්භ කරන්න. ඒක සහනදායී ණයක් සහ පොළියක්. ඔබ පෙනෙනවා ඇති වසර 2005 සිට මේ සහණදායී පොලිය හැටියට තිබූ ණය වෙනුවට වාණිජ ණය 8% -10% වාණිජ ණය ප‍්‍රමාණය සීග‍්‍රයෙන් වර්ධනය වෙලා අදවන විට අපේ මුළු ණය බරෙන් 55% ක් බවට අපේ වාණිජ ණය පරිවර්ථනය වී තිබෙන බව. වාණිජ ණය මොනවටද ගන්නේ ඉතාම කාර්යක්ෂමව සීග‍්‍රයෙන් අපට එම ආයෝජනය ලබාදීලා, ඒවා ලබා ගන්න පුළුවන් නම් ණය ගත්තට ප‍්‍රශ්නයක් නැහැ. වාණිජ ණය වලින් පාරවල් හදනවා නම් වාණිජ ණය වලින් ගුවන් යානා එන්නැති ගුවන්තොටුපලවල් මිනිසුන් එන්නැති සම්මන්ත‍්‍රණ ශාලා හදනවා නම් ඒ වාණිජ ණය ආර්ථිකයට මහා බරක්. භාණ්ඩාගාරයට මහ බරක් ඇති කරනවාට කිසිම සැකයක් නැහැ.

වාණිජ ණය ප‍්‍රතිශතය වගේම තවත් සුවිශේෂී අර්බුදයක් මතුකරලා තිබෙන්නේ විදේශ ණය හිමිකාරත්වය පිළිබඳව.විදේශ ණය ආකාර කිහිපයකින් ලබාගෙන තිබෙනවා අපි. එකක් තමයි පුරුද්දක් ලෙස අපි විදේශ ණය වෙළෙඳපොලට ගිහින් තිබෙනවා. ඉස්සර භාණ්ඩාගාර බිල්පත් රට තුළින් ලබාගත්තේ. නමුත් අද විදේශවලින් මේවා ලබාගැනීමේ ක‍්‍රමයකට අපි ගමන් කර තිබෙනවා. ක‍්‍රමයෙන් මේ විදේශ මූල්‍ය වෙළඳපොලෙන් ගන්න ණය ප‍්‍රමාණය සීග‍්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අපි ද්වීපාර්ශවීය ණය ගත්තා නම්, එහෙම නැත්නම් බහු පාර්ශවීය ණය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී බැංකුවලින් බහු පාර්ශවීය ණය ගත්තනම්, එහෙම නැත්නම් ජපානයෙන් චීනයෙන් රාජ්‍යයන් අතර ණය ගත්තානම් ඒවා අපට සාකච්ඡා කර ගන්න පුළුවන්. යම් යම් ආකාරයට ඒවා කල්දාගන්න පුළුවන්. නමුත් මතක තියා ගන්න විදේශ මූල්‍ය වෙළෙඳ පොලෙන් අපි ණය ගත්තා නම් නියම නිශ්චිත දිනයේදී ඒ ණය ගෙවිය යුතුයි. නැත්නම් රට බංකොලොත් වෙනවා. මේ එළඹෙන සැප්තැම්බර් මාසයේ අපට තිබෙනවා ඒ විදිහේම විදේශ වෙළෙඳපොලේ ණයක් පියවන්න. ඒ ණය අපට නියමිත දවසට පියව ගන්න බැරි උනොත් රට බංකොලොත් වෙනවා. ආර්ජන්ටිනාව, ගී‍්‍රසිය, අයර්ලන්තය, අයිස්ලන්තය ආදී නොයෙක් රටවල් ඉහළ ආදායම් ලබන රටවල්වල සිට මධ්‍ය ආදායම් ලබන රටවල් දක්වා කඩා වැටුණා. ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොලෙන් ගත් ණය නිසි දවසට ගෙවාගන්න බැරි වීම නිසා. මෙන්න මේ අර්බුදය අද අප හමුවේ තිබෙනවා. මේක තමයි අද අපට තිබෙන බරපතලම ප‍්‍රශ්නය බවට පරිවර්තනය වෙන්නේ යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 1
Previous Post

1913 දුරකතන අංකයට සතියක් ඇතුළත පැමිණිලි 473 ක්

Next Post

කාම්බෝජය හා ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කිරීම සඳහා සාකච්ඡා

editor

editor

Next Post

කාම්බෝජය හා ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කිරීම සඳහා සාකච්ඡා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved