27 April 2024
#දේශීය

1913 දුරකතන අංකයට සතියක් ඇතුළත පැමිණිලි 473 ක්

මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීම මත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධී මත්පැන් වැටලීම සඳහා පසුගිය 19 වනදා හඳුන්වා දුන් පැය 24 පුරා සේවය සපයන 1913 ක්ෂණික දුරකථන අංකය මගින් ජනතාවගේ කඩිනම් හා සාර්ථක ප්‍රතිචාර ලැබී තිබේ.

සුරා බදු දෙපාර්තමේන්තුව පැවසුවේ එම අංකය හඳුන්වා දී සතියක් ඇතුළත නීතිවිරෝධී ලෙස මත්පැන් නිපදවීම, සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මහජනතාවගේන් පළමු සතිය තුළ පැමිණිලි 473 ක් ලැබී ඇති බවයි.

නීතිවිරෝධී ලෙස මත්පැන් නිපදවීම, සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියට මහජනතාවගේ පැමිණිලි 1913 දුරකතන අංකය වෙත යොමු කරන මෙන් සුරා බදු දෙපාර්තමේන්තුව දන්වා සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *