27 April 2024
#දේශීය

මන්ත්‍රී රන්ජන් අත්අඩංගුවට…..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිසිය විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඔහු සිටින නිවාසයේ තිබු බලපත්‍ර අලුත් නොකරන ලද පිස්තෝලයක් ළග තබා ගැනීමට අදාලව බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් පොලිසිය මන්ත්‍රීවරයාගේ නිවසට ඇතුළවන අවස්ථාවේදී පවසා සිටියේ දුරකතන සංවාදවලට අදාළ සංයුත්ත තැටි සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුම් සිදු කරන බවයි. මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කියා සිටියේ තමාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් යම් යම් දේ සොයමින් පසු වු බවයි. කෙසේ වෙතත් තමාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇති බව දැන සිටියේද මෙලෙස පොලිසිය සෝදිසි කිරීම් සඳහා පැමිණි අවස්ථාවේදී බව ඔහු සිය ෆේස්බුක් පිටුවෙහි සඳහන් කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා ද අත්අඩංගුවට ගැනීම පිටුපස ඇත්තේ දේශපාලන පලිගැනීම් බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *