• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මාලඹේ – කොළඹ සැහැල්ලූ දුම්රිය සේවාව ලාංකේය ප‍්‍රවාහනයේ හැරවුම් ලක්ෂයයි – ඇමති චම්පික

4 July 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ දිගු කාලීන අපේක්ෂාවක සාධනීය පියවරක් තබමින් හා පොදු ප‍්‍රවාහන සේවයට නවමු අත්දැකීමක් එක් කරමින්, ජපන් ජනරජයේ මිත‍්‍රශීලී මූල්‍යාධාර යටතේ ඉදිකිරීමට අපේක්ෂිත මාලඹේ – කොළඹ සැහැල්ලූ දුම්රිය සේවා සංක‍්‍රමණ ව්‍යාපෘතියේ සමාරම්භය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා‌ගේ ආරාධනයෙන් ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ චම්පික රණවක අමාත්‍යවරයා, ” අද අපේ රටේ ඉතිහාසයේ සුවිශේෂී දවසක්. මේ රටට දුම්රිය සේවය වසර 100 කටත් ඔබ්බෙන් හඳුන්වාදීමෙන් පසුව මේ ඇතිවන වෙනස මේ රටේ පොදු ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ විප්ලවීය පරිවර්ථනයක් ඊ ළඟ දශකයේදී සිදු කරයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ රට අධික ජන ගහන ඝනත්වයෙන් යුතු රටක්. මේ රටේ තවදුරටත් පෞද්ගලික රථවාහනවලට ඉඩ දීමෙන් රට අඟලක්වත් ඉදිරියට ගෙනයන්න බැහැ. මොකද මාර්ග තදබදය විසින් විශාල සමාජ පීඩනයක් සහ බරපතල ආර්ථික පීඩනයක් අද වන විට එල්ල කර තිබෙන නිසා. ඒනිසා මේ රටේ සෑම පුරවැසියෙකුටම පෞද්ගලික වාහනයක් ලබාදීලා රටේ ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රය දියුණු කිරීමට තවදුරටත් නොහැකි බව අප සියළු දෙනාම අවබෝධ කර ගත යුතුයි. ඒ නිසා පසුගිය දශක එකහාමාරක පමණ කාලය තුළ රජයේ ප‍්‍රාග්ධන වියදම්වලින් 40% කට වැඩි ප‍්‍රමාණයක් වැය උනේ පෞද්ගලික ප‍්‍රවාහනය ඉදිරියට ගෙනයාම සඳහායි. මෙතැන් සිට ඇතිකරන මේ ව්‍යාපෘතිය මගින් විප්ලවකාරී ඉදිරි පියවරක් තබනවා ඇති.

එහිදී විශේෂයෙන්ම දුම්රිය සේවය, බස් නවීකරණය, බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම, පවතින දුමරිය නවීකරණය වැනි ව්‍යාපෘති මගින් ඉදිරි දශකයේදී රටේ පොදු ප‍්‍රවාහන සේවය ඉතාම ශක්තිමත් තලයකට එසවී තැබෙනු ඇතැයි කියා අපි විශ්වාස කරනවා. බොහෝ දෙනෙක් මේවා පිළිබඳව සැකමුසු තැන් ඇතිකළා. රටේ ව්‍යාපෘතියක් ඇති කරන්නට දශක ගාණනක් වැය වෙනවා.

විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ පුරෝගාමියා වූ 1936 දී විමල සුරේන්ද්‍ර මහතා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරී පත් වූ පළමු අවස්ථාවේදී එතුමා යෝජනා කළා අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා විදුලි දුම්රිය ගෙන එන්න. ඒ සඳහා තමයි ලක්ෂපාන ප‍්‍රධාන විදුලිබල මධ්‍යස්ථානය අවිස්සාවේල්ලේ ඉදිකළේ. දැන් වසර 100 කට ආසන්න වෙලා තිබෙනවා අපට එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව තිබෙන තත්වයක් අද වෙනකන් ඇවිත් තිබෙනවා. නමුත් මේ සිදුවීමත් යෝජිත දුම්රිය නවීකරණ ව්‍යාපෘතියත්, කැළණිවැලි දුම්රිය සහ අනෙකුත් දුම්රිය සේවාවල ප‍්‍රවාහන අමාත්‍යාංශය යටතේ විප්ලවකාරී පරිවර්ථනයක් සිදුවෙයි කියා අපි විශ්වාස කරනවා. ඒ වගේම මැනිං වෙළෙඳපල කොළඹ දුම්රිය ස්ථානය අසලින් ලබන වසරේදී ඉවත් කරනවා. ඒ වගේම ප‍්‍රංශ රජයේ ආධාරයෙන් කොටුව දුම්රිය ස්ථානයත් බස් නැවතුමත් එකට ගෙනයන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය මේ වන විට සැලසුම් කර අවසන් කර තිබෙනවා. අපි බලාපොරොත්තුවෙනවා ලබන වසරේදී එහි ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වටපිටාව ලබාදෙයි කියලා. මේ රටේ ව්‍යාපෘතියක් කරගෙන යාමට ඉතාම විශාල කාලයක් අවශ්‍ය වෙනවා. පසුගිය කාලයේ මේ රටේ සිදු වූ ව්‍යාපෘති බොහොමයක් ඊට දශක ගණනකට පෙර සැළසුම් කොට සිදු කිරීමට අවශ්‍ය කරන ප‍්‍රතිපාදන සකස් කර තිබූ දේවල්. අපේ රටේ මහවැලි ව්‍යාපාරය එක්දහස් නමසිය පනස් ගණන්වල සැලසුම් කළ දෙයක්, අධිවේගී මාර්ග පද්ධතිය එක්දහස් නමසිය හැට ගණන්වල සැලසුම් කළ දෙයක්. ඒවා දැන් තමයි ක‍්‍රමයෙන් යතාර්ථයක් බවට පත් වෙන්නේ. නමුත් මේ ව්‍යාපෘතිය අපි ඉතා ආඩම්බරයෙන් කියනවා 2016 දී ආරම්භ කරලා 2019 වන විට සියළුම අධ්‍යනයන් අවසන් කරලා මෙය ප‍්‍රායෝගිකව ක්‍රියාත්මක කරන තත්වයකට පත්වුණා.

අපි 2024-25 වන විට අලූත් රටක් ගොඩනගා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. දැනටමත් මේ දුම්රිය පද්ධතිය එනවාය කියන විශ්වාසය නිසා පසුගිය වසරේ බත්තරමුල්ල සහ අවට ප‍්‍රදේශවල ඉඩම් මිල ගණන් 129%කින් වැඩි වූ බව ප‍්‍රකාශ කළ යුතුයි. මේ ඒනිසා මෙයින් දැනටමත් මේ ආයෝජනය නිසා සැලකිය යුතු ප‍්‍රතිලාභයක් අපේ ජනතාවට මේ වන විටත් ඉඩම් හිමියන් සහ අනෙකුත් අයට ලැබී අවසන්. ඔවුනට යුක්ති සහගත වන්දි ගෙවීම් ක‍්‍රමයක් සමග මේ කටයුත්ත අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අදින් ඇරඹෙන මේ විප්ලවකාරී පරිවර්ථනය එක් දහස් අටසිය හැට ගණන් වල බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මෙරටට දුම්රිය හඳුන්වාදීමෙන් ඇතිකළ පරිවර්ථනයට වඩා ඉදිරි දශකය හෝ දෙකක ඉදිරියට යාමට ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ඔදවත් තෙදවත් රටක් බවට පත් කිරීමට ඒ වගේම මේ රට හැර යන අපේ වෘත්තීයවේදීන් සහ අනෙකුත් ජනතාවට ඉන්න හිතෙන රටක් බවට මේ රට පරිවර්ථනය කිරීමට මේ යෝධ ව්‍යාපෘතිය දායක වනු ඇතැයි ද ” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 1
Previous Post

මේ ආණ්ඩුව තමයි රාජ්‍ය සේවයට වැඩිපුර සැලකුවේ – ඇමැති රංජිත් කියයි

Next Post

ඉදිරියේදී සංචාරකයින් දිනකට 4000 ක් පැමිනෙනු ඇති බව සිතනවා – ක්‍රිෂු ගෝමස් (විඩියෝ )

editor

editor

Next Post

ඉදිරියේදී සංචාරකයින් දිනකට 4000 ක් පැමිනෙනු ඇති බව සිතනවා - ක්‍රිෂු ගෝමස් (විඩියෝ )

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved