27 April 2024
#දේශීය

මේ ආණ්ඩුව තමයි රාජ්‍ය සේවයට වැඩිපුර සැලකුවේ – ඇමැති රංජිත් කියයි

රාජ්‍ය සේවකයන්ට වැඩියෙන්ම සළකපු ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව රාජ්‍ය පරිපාලන කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවේදී.

අමාත්‍යවරයා කියා සිටියේ සමස්ථ රාජ්‍ය සේවකයින් වසර ගණනාවක් සිට ලැබුවේ සුඵ වැටුපක් බවත්, ඔවුන් තම වැටුප වැඩි කර ගැනීමට සඳහා වසර ගණනක සිට අරගල කළ බවයි.

රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප රුපියල් 10,000කින් වැඩිකරන බවට දුන් පොරොන්දුව 2015 මැතිවරණයේදී වත්මන් රජය බලයට පත්වී මාස තුනකින් ක්‍රියාවට නැංවූ බව ද එම මුදල කොටස් හතරක් යටතේ වැටුපට එක් කළ බවද අමාත්‍යවරයා පැවසීය. මෙම රැපියල් දසදහසේ දීමනාව වැඩිවීමත් සමඟ රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප දෙගුණයකටත් වඩා වැඩිවූ බවද වැඩිදුරටත් පැවසීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *