• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ ආණ්ඩුවෙන් ජාවාරම්කාරයින්ට මිස ජනතාවට ප්‍රමුඛත්වයක් නැහැ – මහින්ද කියයි

13 July 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අගෝස්තු 05වැනිදාට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැක ගැනීමට මේ ඡන්දය තීරණාත්මක බවත් දූෂිත දේශපාලඥයන් සහ මූල්‍ය ජාවාරම්කාරයන් මූලික කර ගන්නවා මිස ජනතාවට ප්‍රමුඛත්වයක් මේ ආණ්ඩුවෙන් නොලැබෙන බව ලංකා කම්කරු සම්මේලනයේ මහින්ද රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවුසවේ අද (13) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් පල කළේය ” 1977 ජේ.ආර්. ජයවර්ධනගෙන් පටන් ගත්ත නව ලිබරල් ආර්ථිකයත් එක්ක පෞද්ගලික අංශය දිරිමත් කර රාජ්‍ය අංශය දුර්වල කරන්න අධිකාරීවාදී පාලනයක් ඉතාමත් අත්‍යවශ්‍යයි. ලංකාවේ කම්කරු පංතිය අතීතයේදී දිනාගත් අයිතිවාසිකම් ක්‍රමානුකූලව එකින් එක කප්පාදු කරලා. අද පෙන්ෂන් එකත් නැහැ. රාජ්‍ය සේවයට බැඳෙන්නේ විශාල පඩියක් ගන්න නොවෙයි. සමාජ ආරක්‍ෂණය ඇතුළු අනෙකුත් පහසුකම් ගන්න බලාගෙනයි. නමුත් මේ වෙනකොට ඒ රාජ්‍ය සේවි ඉතාමත් කණගාටුදායක මට්ටමෙන් බිඳවට්ටා පෞද්ගලික අංශයට සියලුම සේවාවන් ලබාදෙන්න ක්‍රියා කිරීමයි. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය මුලින්ම ක්‍රියාත්මක කරපු චිලියේ සිදු කළෙත් මේ දේමයි. ඇමරිකාවේ ඒජන්තයන් හමුදා නායකයෙක් බලයට පත් කරලා ඒ තුළින් මෙය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඔහු පත්කළ විගසම සියලුම මාධ්‍ය ආයතනවලට හමුදා ජනරාල්වරු පත්කළා. ඉන් පසු රාජ්‍ය සේවකයන් 350,000ක් දේශපාලන හේතුන් උඩ එළියට දැම්මා. ඊට පස්සේ රාජ්‍ය සේවය තුළට ඔත්තු සේවාවන් දැම්මා. වෘත්තීය සමිති නායකයෝ, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් වැඩකරන කම්කරු පංතිය 20,000ක් විතර මරා දැම්මා. 60,000ක් විතර හිර ගෙවල්වලට දාලා සියලු වෘත්තීය සමිති තහනම් කළා. වැඩ කරන ජනතාවගේ කලාකරුවෙකු වූ වික්ටර් හාරා ඝාතනය කළා. චිලියේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ මේ ආකාරයට.

ඊට පස්සේ එංගලන්තයේ මාග්‍රට් තැචර් මෙය ක්‍රියාකාරිත්වයට ගත්තා. ගල් අඟුරු කම්කරුවන් ඇතුළු වැඩ කරන ජනතාව ඊට එරෙහිව නැගිට්ටා. ඔවුන් සියලු දෙනාම එළියට දැම්මා. මේ විදිහටම ඇමරිකාවේ රේගන් යටතේ මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. ඊට විරුද්ධව ගුවන් සේවකයන් නැගී හිටියා. ඒ අරගලයත් බිමටම සමතලා කර දැම්මා. ඉන් පසුව ලංකාවේ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. 1980 ජූලි වර්ජනයේදී ජේ.ආර්. ජයවර්ධන ලංකවේ වෘත්තීය සමිති ව්‍යාපාරය සමතලා කර දැම්මා. 80,000ක් දෙනා එළියට ඇදලා දාලා විධායක ජනාධිපති ධුරයේ අධිකාරිවාදී පාලනය ආරම්භ කළා. ඒ විධායක ජනාධිපතිධුරයේ අවසාන අදියර තමයි දැන් මේ ඇවිත් තියෙන්නේ. අද සියලුම දේවල් අර්ධ හමුදාකරණයකට ලක් වෙමින් තිබෙනවා. කොවිඞ් වසංගතය මර්දනය කිරීම පවා හමුදාව ප්‍රමුඛ කරගෙන කාර්යසාධක බලකාය හැදුවා. නමුත් මෙහි ප්‍රමුඛ කරගත යුත්තේ සෞඛ්‍ය කාර්යාංශයි. සෞඛ්‍ය සේවය, විශේෂඥ වෛද්‍යවරුන් මූලික කරගත්ත අතුරු සේවා සැපයීම හමුදාවේ කාර්යභාරයයි. නමුත් එය නොකර ජනතාව බියගැන්වීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන දැන් එය අසාර්ථක වී ඇති බව පැහැදිලි වී තිබෙනවා. මේ තත්වයන් අවසන් කරන්න ජාතික ජන බලවේගයට ඡන්දය පාවිච්චි කර වැඩ කරන ජනතාවගේ ජයග්‍රහණ තහවුරු කරන ලෙස ඉල්ලනවා. අගෝස්තු 05වැනිදාට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැක ගැනීමට මේ ඡන්දය තීරණාත්මකයි. දූෂිත දේශපාලඥයන් සහ මූල්‍ය ජාවාරම්කාරයන් මූලික කර ගන්නවා මිස ජනතාවට ප්‍රමුඛත්වයක් මේ ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැහැ.

 

Post Views: 0
Previous Post

වයිබර් Good Vibes Bot විශේෂාංගය එළිදකී  

Next Post

උසස් පෙළ සිසුවා තැනූ රැහැන් රහිත වෙද නලාව ජනපති අතට

editor

editor

Next Post

උසස් පෙළ සිසුවා තැනූ රැහැන් රහිත වෙද නලාව ජනපති අතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

8 July 2025
ගිනි ගනන් දිල අපි  ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

ගිනි ගනන් දිල අපි ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

8 July 2025
දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

8 July 2025
අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

8 July 2025

Recent News

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

8 July 2025
ගිනි ගනන් දිල අපි  ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

ගිනි ගනන් දිල අපි ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

8 July 2025
දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

8 July 2025
අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

8 July 2025
ගිනි ගනන් දිල අපි  ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

ගිනි ගනන් දිල අපි ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved