27 April 2024
#දේශීය

උසස් පෙළ සිසුවා තැනූ රැහැන් රහිත වෙද නලාව ජනපති අතට

උසස් පෙළ ශිෂ්‍යයෙක් තමා නිර්මාණය කළ රැහැන් රහිත වෙද නලාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා අද (13) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවට ගිය අවස්ථාවේ වෙනුර විජේසේකර සිසුවා සිය නිර්මාණය පිළිබඳව එතුමා දැනුවත් කළේය.

උපකරණය පරීක්ෂා කළ ජනාධිපතිවරයා සිසුවාගේ දස්කම් අගය කර තිබේ.

එම සිසුවා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය ලබමින් සිටී.

ඔහු නිර්මාණය කර ඇති වෙද නලාව රැහැන් රහිතව භාවිතා කළ හැක. ඒ නිසා දුරස්ථභාවය රකිමින් රෝගීයා පරීක්ෂා කිරීමට වෛද්‍යවරයාට පිළිවන.
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමි සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *