27 April 2024
#ව්‍යාපාර

වයිබර් Good Vibes Bot විශේෂාංගය එළිදකී  

ලොව විශාලතම සන්නිවේදන ජාලයක් වන රකුටෙන් වයිබර් සිය නවතම Good Vibes Bot, විශේෂාංගය පසුගියදා හඳුන්වා දී තිබේ.

වයිබර් පරිශීලකයින් තම මිතුරු මිතුරියන් සමඟ චැට් සංවාද කිරීමේදී, වඩාත් ළෙන්ගතු අත්දැකීමක් ඔවුන්ට සමීප කරවීම මෙම විශේෂාංගයේ අරමුණයි. මෙය වයිබර් ඇප් එක හරහා ම ප්‍රවේශ විය හැකි විනෝදාත්මක විශේෂාංගයකි. ආකර්ෂණීය වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමටත්, ඒ හරහා නොමිලේ වයිබර් ස්ටිකර් සහ Viber Out ඇමතුම් දිනාගැනීමටත් මෙමගින් අවස්ථාව උදාවේ.

සමාජ දුරස්ථභාවය පිළිබඳ බොහෝ දෙනෙක් අවධානය යොමුකරන මෙම කාලයේ, දුරින් සිටියද මිතුරු මිතුරියන් සමඟ සමීප ඇසුරක් පවත්වාගනිමින් විනෝද වීමට මෙම Good Vibes Bot හරහා ලැබෙන්නේ විශාල සහායකි. මෙම විශේෂාංගයට පිවිසීමෙන් අනතුරුව තමා කැමැති වීඩියෝ ක්‍රීඩාවක නිරත වීමේ හැකියාව පරිශීලකයින්ට උදාවේ. ඊට අමතරව මිතුරන්ට එකිනෙකාගේ ඩිජිටල් පොත්වල සටහන් තැබීමටත්, වීඩියෝ ක්‍රීඩා සඳහා ආරාධනා කිරීමටත් අවස්ථාව තිබේ. මෙම විශේෂාංගය තුළ Basketball, Whack a Mole in the Hole, Chop Chop, Splash, සහ Egg Party වැනි වීඩියෝ ක්‍රීඩා රැසක් අන්තර්ගත ය.

මෙය තනි පුද්ගල වීඩියෝ ක්‍රීඩා රැගත් විශේෂාංගයක් වන අතර අන් කෙනෙකුට අභියෝග කිරීමේ හැකියාවක් එහිදී නොමැත.

විනෝදයට අමතරව වටිනා තෑගි හිමිවීම ද මෙහිදී කැපීපෙනේ. හොඳින් වීඩියෝ ක්‍රීඩාවල නිරත වී සතිපතා ලකුණු පුවරුවේ ඉහළටම යන අයට ඇනිමේටඩ් සහ මියුසිකල් ස්ටිකර් හිමි වේ. එමෙන්ම එම පුවරුවේ පළමු 10දෙනාට සෑම සතියකම ඩොලර් 5ක Viber Out ඇමතුම් කාලයක් ද හිමිවනු ඇත.

 

 

Rakuten Viber පිළිබඳව:

රකුටෙන් වයිබර් සමාගමේ අරමුණ වන්නේ පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කිරීමයි. ලොව ඕනෑම තැනක සිටින ඕනෑම පුද්ගලයෙකුට වයිබර් සේවාව ලද හැකිය. මෙසේ ගෝලීය භාවිත කරන්නන් සියලුදෙනාට කෙටි පණිවුඩ, වීඩියෝ ඇමතුම්, කණ්ඩායම් අතර කෙටි පණිවුඩ, තමන් වඩාත් කැමැති වෙළෙඳ නාම සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ නවතම තොරතුරු ලබාගැනීම, සන්නිවේදනය කිරීම ආදී සේවාවන් රැසක් හිමිවේ. වයිබර් භාවිත කරන සියල්ලන් හටම ආරක්ෂාකාරී සහ නිදහස් වටපිටාවක තම හැඟීම් අන්‍යයන් හා බෙදාගත හැකි බව ද අපි සහතික කරන්නෙමු.

Rakuten Viber යනු ලොව ප්‍රධාන පෙළේ ඊ වානිජ්‍ය සහ මූල්‍ය සේවා සමාගමක් වන Rakuten Inc. සමාගමේ අනුබද්ධ ආයතනයකි. බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නිල සන්නිවේදන සහකරු ද වන වයිබර් සමාගම, සුප්‍රකට අමෙරිකානු පැසිපන්දු කණ්ඩායමක් වන Golden State Warriors පිළේ calling app සහකරු ද වේ. ඔබත් අදම වයිබර් ලෝකයට පිවිස ලොව උසස්ම සන්නිවේදන සේවා අත්දැකීම රිසි සේ විඳගන්න. වැඩිදුර තොරතුරු සඳහා [email protected] ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *