රටේ සමස්ත ජනතාවට තමන්ගේම කියා නිහ਼වස් හිමිකම් කර දීම සහ නිවාස ගොඩනැගීමේ පහසුකම් සැලසීම මීළඟ රජයේ අයවැය මඟින් ලබා දෙන ප්‍රමුඛතාවය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ජනතාවට ස්ථාවර සහ සුරක්ෂිත ජීවන තත්ත්වයක් උදා කර දීමේ අරමුණින් මෙම නිවාස සංවර්ධන වැඩපිළිවෙළ පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















