27 April 2024
#දේශීය

සැමියා විසින් බිරිඳට පොල්ලකින් පහරදී ඝාතනය කරයි

පන්නල, මරද ජනපදය, වෙල්පල්ල ප්‍රදේශයේ නිවසකදී පවුල් ආරවුලක් හේතුවෙන් පුරුෂයා විසින් බිරිඳට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 28 ක් වු වෙල්පල්ල ප්‍රදේශයේ පදිංචිකාරියෙකි. මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කර කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

පශ්චාත් මරණ පරික්ෂණය අද (03) දින සිදු කිරීමට නියමිතයි. ඝාතනය සිදු කල සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා පන්නල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *