• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙරට කාර්මික පුනරුදයක විශාල භූමිකාවක් – අමාත්‍ය විමල්

8 January 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දේශීය කර්මාන්තකරුවාට හිතකර ප්‍රතිපත්ති සහිත පාලනයක් බිහිව තිබෙන මේ මොහොතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙරට කාර්මික පුනරුදයක විශාල භූමිකාවක් ඉටු කිරීම සඳහා සූදානම් කිරීමට කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් බලාපොරොත්තු වන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) සවස රත්මලාන පිහිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙරට කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා ජාලගතව ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය, ඒ වෙනුවෙන් වන ප්‍රධානතම ජාතික ආයතනය බැවින් නව කර්මාන්තකරුවන් බිහි කිරීම, පවතින කර්මාන්ත ප්‍රවර්ධනය, විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත් නිෂ්පාදන සඳහා කර්මාන්තකරුවන්ට මඟ පෙන්වීම වෙනුවෙන් කැපවිය යුතු බව ද මෙහිදී වීරවංශ අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම මෙම ආයතනයට පැවරී ඇති ඉහත කී විශාල භූමිකාවට අවශ්‍යය සහයෝගය ලබා දී එය සෑම අතින්ම ශක්තිමත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට පැවරී ඇති වගකීම කඩිනමින් ඉටු කිරීම සඳහා මෙවැනි හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පිළිබඳව පමණක් නොව අමාත්‍යාංශය යටතේ ඇති ඇතැම් ආයතන පිළිබඳව පැමිණිලි තමාට ලැබී ඇති බවත් ඉබ්‍රාහිම් නමැති සහරාන්වාදී ත්‍රස්තවාදී කල්ලියට සම්බන්ධ පුද්ගලයා සමග කෙරුණු ගනුදෙනු සම්බන්ධයෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඈඳුණු පැමිණිල්ලක් ද ඒ අතර වන බවත් වීරවංශ ඇමතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් එම ගනුදෙනු ස‍‍ඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සම්බන්ධ යැයි තමා නොසිතන බවත් ඒ සියලු පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කර, වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට අදාළ බලධාරීන්ට ඒවා යොමු කර ඇති බවත් වීරවංශ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති අජිත් ජයවර්ධන, හස්ත කර්මාන්ත මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් මයුර ද සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දිලිනි සමන්මලි 

Post Views: 4
Previous Post

සුදුවට ඉඩක් දෙන්නේ නෑ …. – ඇමැති ඩලස් කියයි

Next Post

ගල්ෆ් ගැටුම් හේතුවෙන් ලන්ඩන්-කොළඹ ගුවන් ගමන් මගෙහි වෙනසක්…

editor

editor

Next Post

ගල්ෆ් ගැටුම් හේතුවෙන් ලන්ඩන්-කොළඹ ගුවන් ගමන් මගෙහි වෙනසක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved