27 April 2024
#දේශීය

සුදුවට ඉඩක් දෙන්නේ නෑ …. – ඇමැති ඩලස් කියයි

ක්‍රිඩාවට සුදුව කිසිසේත්ම උචිත නොමැති බවත් එය ලොව පිළිගත් ප්‍රතිපත්තියක් බවත් මෙරට ද තුළද එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව ක්‍රිඩා අමාත්‍ය ඩලස් අලහප්පේරුම මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (07) මාධ්‍යවේදීන් අතර පැවැති සුහද සාකච්ඡාවකදී කියා සිටියේ තමා නම් ගම් නොකිව්වත් ක්‍රිකට් ක්‍රිඩාවට සුදුව ඇතුළත් වීමෙන් එහි ප්‍රතිඵලයට හානි වන බවයි. එසේම ක්‍රිඩාව වැනි තැන්වල සුදුව කියන්නේ වෛරසයක් බව හෙතෙම පැවසිය.

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරිම

මේ අවස්ථාවෙදී පවතින්නේ භාරකාර ආණ්ඩුවක් නොවන බවත් එය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටුවා ගැනීමේ හැකියාවක් ඇති බව අමාත්‍ය අලහප්පේරුම මහතා පැවසිය.

එසේම ලබන මාර්තු 02 වනදා මධ්‍යම රාත්‍රි 12 පසුව ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව හෙතෙම පැවසිය. එසේම ඒ අනුව දින 146 කදී මැතිවරණය පැවැත්විය හැකි බව ද ඔහු අනාවරණ කළේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *