27 April 2024
#දේශීය

ගල්ෆ් ගැටුම් හේතුවෙන් ලන්ඩන්-කොළඹ ගුවන් ගමන් මගෙහි වෙනසක්…

කොළඹ සහ ලන්ඩන් නුවර අතර ගුවන් ගමන් සිදුකරන මාර්ගයේ වෙනසක් සිදු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබේ.

ඉරාන – අමෙරිකා අර්බුදයත් සමඟ පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ඉරානය සහ ඉරාකය ආශ්‍රිත ගුවන් කලාපය මඟ හරිමින් කොළඹ සහ ලන්ඩන් නුවර අතර ගුවන් ගමන් සිදු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබේ.

පවතින තත්ත්වය පිළිබඳව සිය සමාගම සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර ජාතික සහ ජාත්‍යන්තර වගකිව යුතු බලධාරීන් සමඟ සබඳතා පවත්වා ගනිමින් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සදහා සෑම විටම අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රි ලංකන් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

* සටහන : ජනිත් විපුලගුණ

Leave a comment

Your email address will not be published. Required fields are marked *