පාර්ලිමේන්තු සංකීර්ණයේ තුන්වැනි මහලේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ සුළු ගින්නක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ක්ෂණිකව අද (04) පෙරවරුවේ නිවා දමා තිබේ.
එම ගින්න හටගෙන තිබුණේ ජනාධිපතිවරයාගේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබිය දීය.
වේත්රධාරී කුෂාන් ජයරත්න මහතා පැවසුවේ වායු සමීකරණ පද්ධතියේ සුළු විදුලි කාන්දුව ගින්නට හේතු වූ බවයි.
සිද්ධියෙන් දේපළ වලට කිසිදු හානියක් වී නැතැයි ද ඔහු ප්රකාශ කළේය.