ඇමතිදූර සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්රයේ විවිධ කතා පැතිරෙද්දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වන සම්බන්ධයෙන් දැඩි බව පිළිබදව විශ්වාසය පලවන අදහස් එනි ආන්දෝලනාත්මක චරිත විසින් සමාජගතකරමින් සිටී. ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි සියලු මැතිවරණවලට තරග කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව බව එම පක්ෂය පවසයි.
පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පැවති පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශාන්ත බණ්ඩාර මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.
එමෙන්ම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඊට සහාය දෙන පක්ෂවල නායකයින්ගේ රැස්වීමක් ද ඊයේ පැවැත් විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඊට සහාය දෙන පක්ෂවල නායකයන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසේදී පැවැත් විය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක්ද කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී ඊයේ පස්වරුවේ සිදු විය.
මෙම සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් එහි නායකයින් මේ බව සනාත කළේ ය.
* සටහන
අකලූෂ විද්‍යාතිලක