ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් දෙසැම්බර් 04 වනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. මෙම විශේෂ සමුළුව ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එම සමුළුවේ සංවිධාන කටයුතු සහ සියලු වගකීම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට පැවරී තිබේ.
ඔහු හිටපු ශ්‍රීලනිප මහ ලේකම්වරයා ලෙස පසුගිය සමයේ සිදුකළ සියලු වගකීම් හා සංවිධානයන් ඒ අයුරින්ම මේවන විටත් සිදුකරමින් සිටින බව ඔහුගේ සමීපතමයෙකු අප වෙත කියා සිටියේය. මේ වන විට අදාළ කටයුතු නිසි අයුරින් කිරීමට කටයුතු කරන බව එම සමීපතමයා අප වෙත පැවසිය.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළදීම පසුගිය සති කිහිපය පුරාම දුමින්ද දිසානායක අමාත්‍යවරයා ආණ්ඩුවට සහය පළ නොකර ස්වාධීනව කටයුතු කරන වාර්තා විය.
නමුත් මේ වන විට ශ්‍රීලනිප විශේෂ සමුළුව වෙනුවෙන් ඔහු සියලු සංවිධාන කටයුතු සිදු කරමින් කටයුතු කරමින් සිටි.
ශ්‍රීලනිප ජාතික සංවිධායක වාරිමාර්ග,ජල සම්පත් හා අාපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වෙයන් ශ්‍රීලනිප ප්‍රබලයින් අැතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද(27) ශ්‍රීලනිප මූලස්ථානයේ මෙම සමුළුව පිලිබද විශේෂ සාකච්ජාවක් පැවැත්විණ.