27 April 2024
#දේශීය

අපරාධ මර්ධනයට ජනපතිගෙන් උපදෙස්

මත්ද්‍රව්‍ය පාලනය, අපරාධ අවම කිරීම සහ රථවාහන අනතුරු අවම කිරීම පිළිබද පනත් කෙටුම්පත් සංශෝධනයට අදාළව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ. සුසිල් ප්‍රේමජයන්ත, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, නීතිපති ජයන්ත ජයසූරිය, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුථ රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *