27 July 2024
#දේශීය

පුළුල් සන්ධානයක් ළඟදීම – රාජිත කියයි

තව නොබෝ දිනකින් මේ රටේ පුළුල් සන්ධානයක් පිහිටුවන බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු කියා සිටියේ එම පෙරමුණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු දෙනාට ද විවෘතව ඇති බවයි.

ලබන 29 වනදා වන විට 130 ක් දක්වා මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව හෙතෙම කියා සිටියේය. මහින්ද රාජපක්ෂට සහාය දක්වන 85 ක පිරිසවත් පාර්ලිමේන්තුවේ පෙනීවිමට නොහැකි වු බවත් ඔහු පාර්ලිමේන්තුව මඟ හැර සිටි බව සේනාරත්න මහතා කියා සිටියේය. අඩුම තරමින් 85 දෙනාවත් මහින්දට නොමැති බව ඔහු අනාවරණ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *