8 September 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකා – පාකිස්ථාන ක්‍රිකට් තරඟය අද

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක්දින තරඟය අද (27) කරච්චි නුවරදී පැවැත් වීමට නියමිතයි. ඒඅනුව අද පළමු එක්දින තරඟය දිවා, රාත්‍රි තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ 03 කට සහ විස්සයි විස්ස තරඟ 03 කට එක්වන අතර, එක්දින තරඟ කරච්චි නුවරදී සහ විස්සයි විස්ස තරඟ ලාහෝර් නුවරදී පැවැත්වීමටයි සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙලෙස පාකිස්තානයේදී තරඟ බිමට පිවිසෙන්නේ මීට වසර 10කට පෙර එනම්, 2009 මාර්තු 3 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගෙන ලාහොර්හිදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි.

එසේම මෙවර තරඟයට සහභාගී වු ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ සඳහා විශේෂ ආරක්ෂාවක් පාකිස්ථාන රජය විසින් යොදා තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *