27 April 2024
#සංවර්ධන

යාපනය, කල්උන්ඩායි සහ උඩුවිල් නිවස ව්‍යාපෘති අවසන් අදියරට

අවතැන්වූවන් හා නැවත පැමිණෙන සරණාගතයින්ගේ නිවාස අවශ්‍යතා සපුරාලමින් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන යාපනය දිස්ත්‍රික්කයේ කල්උන්ඩායි සහ උඩුවිල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරට පැමිණ ඇති බව අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝතී මහතා පවසයි.

කල්උන්ඩායි නිවාස ව්‍යාපෘතියට නිවාස ඒකක 48 ක් ඇතුළත් අතර, උඩුවිල් නිවාස ව්‍යාපෘතිය සදහා නිවාස ඒකක 55 ක් අයත් වේ. මෙම නිවාස ඉදකිරීම් කටයුතු හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබේ.

අදාළ නිවාස ව්‍යාපෘති වල වර්තමාන ප්‍රගතිය සොයා බැලීම සදහා අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතා එම ප්‍රදේශවල සංචාරයක නිරත විය.

මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකකයක් සදහා රුපියල් මිලියනයක ක මුදලක් වැය කරනු ලබන අතර කල්උන්ඩායි සහ උඩුවිල් නිවාස 103 ක් සදහා වැයකරනු ලබන මුදල රුපියල් මිලියන 103 කි.

නිවාස ව්‍යාපෘති වලට අදාළව අභ්‍යන්තර මාර්ග, විදුලිය, පානීය ජලය, සනීපාරක්ෂක ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් සපුරාලීමට ද කටයුතු කර ඇත. කල්උන්ඩායි සහ උඩුවිල් නිවාස ව්‍යාපෘතීන්ගේ අභ්‍යන්තර මාර්ග ඉදිකිරීම සදහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 18.5 කි.

2019 වර්ෂය අදාළ ව්‍යාපෘති යටතේ නිවාස අවශ්‍යතා සපුරාලමින් හිමිකරු විසින් මෙහෙයවනු ලබන යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 2,950ක් ඉදිකරනු ලබන අතර ඉන් නිවාස 1,500 ක් ප්‍රතිලාභී අයිතියට පවරා ඇති අතර අනෙකුත් නිවාස විවිධ අදියරයන් යටතේ පවතී.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *