පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තුල වූ බල අරගලයට විරාමයක් ලබා දෙමින්, අද (05) සන්ධ්‍යාවේ දී පැවැති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී තීරණයක් ගනුලැබ තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ට විපක්ෂ නායකත්වය හිමිකර දීමට එහි බහුතරයේ කැමැත්ත හිමිවී ය.
අද එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන පිටකෝට්ටේ සිරිකොත ට රැස්වූ එහි පා්ලිමේන්තු කණ්ඩායම මෙම තීරණය ගෙන තිබුණි.
සටහන : අකලූෂ විද්‍යාතිලක