27 April 2024
#දේශීය

යාපනය ගුවන් තොටුපොලේ මිරිස් ගබඩා කරන්නේ නෑ – ඇමැති ප්‍රසන්න

පසුගිය ආණ්ඩුව විසින් යාපනය ගුවන් තොටුපලට පරිසර වාර්තාවක් නොගෙන එය ඉදි කර ඇති බව කාර්මික අපනයන හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.  TTV news.lk වෙබ් අඩවියේ විනිවිද සංවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ වෛරයෙන් මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කිරීම් සිදු කළ බවයි.

ඒ තුළින් විශාල හානියක් මත්තල ගුවන් තොටුපලට සිදුව ඇති බව හෙතෙම පැවසිය. මත්තල ගුවන් තොටුපල මගින් ආදායමක් ලබා ගන්නේ උත්සහා නොකර පසුගිය ආණ්ඩුව විසින් යාපනය ගුවන් තොටුපල ඉදි කර බව ඔහු අනාවරණ කළේය. වත්මන් ආණ්ඩුව මගින් යාපනය ගුවන් තොටුපලේ මිරිස් ගබඩා කරන තත්ත්වයට පත් නොකර බව වගකීමක් ඇතිව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පැවසිය.

ප්‍රසන්න රණතුංග මහතා සමඟ කල සම්පුර්ණ සම්මුඛ සාකච්ඡාව අපගේ ttvnews.lk youtube channel ඔස්සේ නැරඹිය හැකිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *