• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සැඟවී ඉන්නේ රවී, චෝදනා කරන්නේ ආණ්ඩුවට – ජාතික නිදහස් පෙරමුණ කියයි

12 March 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නීතියට පිටුපා අධිකරණය මඟ හැර සිටින්නේ එජාප උප නායක රවි කරුණානායක වුවත් ජවිපෙ ඒ පිළිබඳව චෝදනා නඟන්නේ ආණ්ඩුව බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසාම්මිල් මහතා පවසයි.

ඒ මහතා ඊයේ (11) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යලයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටියේ අද ජවිපෙ රවි කරුණානායකගේ ‘රෙදි අපුල්ලන්නා’ බවට පත් වී ඇති බවයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා “අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කරලා තිබියදීත් එජාපයේ උප නායක රවී කරුණානායක පොලිසිය මග හැරලා සැගවිලා ඉන්නවා. රවී කරුණායකලා නිතරම කතා කරන්නෙ යහපාලනය, නීතියේ ආධිපත්‍ය ගැන. නමුත් අද උසාවි නියෝගයක් ආවාම ඒ නියෝගයට පිටුපාලා සැගවිලා ඉන්නවා.

පසුගිය ආණ්ඩුව කාලෙ විමල් වීරවංශ, නාමල් රාජක්ෂ, යෝෂිත රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, උදය ගම්මන්පිල ජයන්ත සමරවීර යන මහත්වරුන්ට සිතාසි නිකුත් කරපු අවස්ථා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වගේම මූල්‍ය අපරාධ විමර්ශන අංශයට විවිධ අවස්ථාවල එන්න කියලා කියද්දි ඒ කිසිම අවස්ථාවක් මග හරින්නෙ නැතිව ඔවුන් නීතියට ගරු කරමින් ඒ දැනුම් දීම්වලට අනුව අදාළ ආයතනවල පෙනී හිටියා.

ඒත් නීතියේ ආධිපත්‍යය, යහපාලනය ගැන කතා කරමින් රවි කරුණානායකලා අද අධිකරණය සමච්චලයට පත්කරලා තියෙනවා. නීතිය ක්‍රියාත්මක කරන ආයතන විහිලුවට අරන් තියෙනවා. ඉතා පැහැදිලියි නීතිය විනාශ කරන අය කවුද කියලා. එදා අරලිය ගහ මැදුරෙ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන කණ්ඩායම් එකතු වෙලා කමිටුවකින් තීන්දු තීරණ අරන් අපෙන් පළිගැනීම් කළත් අධිකරණයට සහ නීතිය ක්‍රියත්මක කරන ආයතනවලට ගරු කරලා අපි නිීතිය ඉදිරියේ පෙනී සිටියා.

නමුත් අද එවැනි තත්ත්වයක් නැතිව ඔවුන්ම ‘ස්වාධීන’ කරා කියපු අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය ක්‍රියාත්මක වෙද්දි කිසිම ලැජ්ජාවක් නැතිව රවී කරුණානායකලා සැඟවිලා ඉන්නවා. ඒ වගේම අපි දකිනවා සීඅයිඩීයටවත් මුහුණ දීගන්න බැරිව ඉන්න නායකයො තමයි අද එ.ජා.පයේ ඉන්නෙ කියලා. එජාපයේ නායකයො ලැජ්ජ වෙන්න ඕන මේ වගේ නායකයො මේ පක්ෂය තුළ තබා ගැනීම සම්බන්ධව.

ඒ වගේම ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ඩෝබි භූමිකාව. අද උසාවි නියෝගවලට පිටුපාලා ඉන්නෙ රවී කරුණානායක.. නමුත් ‘සීයට තුනේ ජනතාවගේ විමුක්ති පෙරමුණ’ චෝදනා කරන්නෙ ආණඩුවට. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ විසින් රවී කරුණානායක වෙනුවෙන් ඉටු කරන ඩෝබිගේ භූමිකාව. රවී කරුණානායක, රනිල් වික්‍රමසිංහ එක්ක එකට විධායක සභාවල වාඩි වෙලා හිටියෙ අනුර දිසානායක. එහෙම එකට විධායක සභාවල වාඩිවෙලා ඉන්න කාලෙ තමයි මේ මහ බැංකු හොරකම සිද්ධ වුණේ. සැගවිලා ඉන්න කෙනාට කරන්න තියෙන චෝදනාව ආණ්ඩුවට දෙසට හැරවීම තමයි අද ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන්නෙ. අද ඔවුන්ගෙ කාර්යභාරය වෙලා තියෙන්නෙ මේ වගේ දේවල්.

මහ බැංකු වංචාවේ මහා මොළකරු රනිල් වික්‍රමසිංහට චෝදනා නිකුත් කරලා නැහැ කියලා ජනතා විමුක්ති පෙරමුණ කියනවා. පසුගිය අවරුදු පහේම සුනිල් හඳුන්නෙත්ති කිසිම අවස්ථාවක මහ බැංකුවේ බැදුම්කර වංචාවට රනිල් වික්‍රමසිංහව නම් කළේ නැහැ. නිකුත් කරපු කෝප් කමිටු වාර්තාවේවත් රනිල් වික්‍රමසිංහට විරුද්ධව චෝදනා තිබුණේ නැහැ. ඒ මොකද කියනවා නම් ඒ කාලේ ආණ්ඩුවේ තිබුණ ඩීල් නිසා. නමුත් අද මොවුන් බොරුවට ඡන්දෙ ගන්න කෑගහනවා.

ඒ වගේම සුජීව සේනසිංහ කියනවා, එක්සත් ජාතික පක්ෂයේ බැඳුම්කර වංචාකාරයො ඉන්න බව හෙළිදරව් කරනවා කියලා. සුජීව සේනසිංහ මහත්තයා පොතක් ලිව්වා, බැදුම්කර හොරකමක් සිද්ධ වුණේ නැහැ කියලා. ඒ පොත ලියද්දි සුජීව සේනසිංහ මහත්තයට මතක් වුණේ නැද්ද බැදුම්කර වංචාවක් සිද්ධ වෙලා තියනවා කියලා. සජිත් ප්‍රේමදාසත් එක්ක ඉන්න අජිත් පී පෙරේරාට රවී කරුණානායක, රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් එදා බුක්ලෝන්ච් දාද්දි මතක් වුණේ නැද්ද මේ බව.

එක්සත් ජාතික පක්ෂයේ පසුගිය පාලනයේ අශුද්ධ කල්ලිය තමයි දෙකට බෙදිලා වෙස් මුහුණු පැලඳගෙන මේ මැතිවරණයෙන් එන්න හදන්නේ. ඒ අශුද්ධ කල්ලියේ පැමිණීම තමයි මේ සිදුවෙමින් පවතින්නේ. අලියා ලකුණින් වගේම දුරකථනයෙන් මේ එන්නෙ අශුද්ධ කල්ලිය කියලා ජනතාව දන්නවා. ඒ නිසා මේ රටේ ජනතාව මේ කල්ලිය පරාජයට පත් කරන බව අපි දන්නවා.

ජයවර්ධනපුර සරසවියේ සිදුවුණ සිදුවීම පිළිබඳව ඒ පවුලට සහ දරුවන්ට ජානිපෙ ශෝකය ප්‍රකාශ කරනවා.. ඒ වගේම අපි මෙය හෙළා දකිනවා. මේ සිදුවීම පළමු සිදුවීම නොවෙයි. නමුත් මේ සිදුවීම අවසාන සිදුවීම විය යුතුයි. විකෘති මනෝභාවයකින් පෙළෙන සිසුන් අතින් මේ සිද්ධ වෙන අපරාධ වැළැක්විය යුතුයි. මේ සිදුවීම විනයගරුක රටක් බවට පත්වීමේ ක්‍රියාවලියේ දී වැදගත් වෙනවා කියලා අපි හිතනවා. විනයගරුක ශිෂ්‍ය ප්‍රජාවක් වගේම, විනයගරුක රටක් ගොඩනැගීමේ මූලික අදියර වෙනුවෙන් මෙය විශ්වවිද්‍යාලය තුළින්ම ආරම්භ කරයි කියලා අපි විශ්වාස කරනවා.” යැයි මොහොමඩ් මුසාම්මිල් මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

 

 

දිලිනි සමන්මලි

Post Views: 1
Previous Post

ජනතාව බලාපොරොත්තු වන්නේ විනයගරුක හා සාධාරණ සමාජයක් – ලාන්සා කියයි

Next Post

අරමුණ හොඳයිනම් නළුකම ප්‍රශ්ණයක් ද ? ජිවන් කුමාරතුංග (විඩියෝ)

editor

editor

Next Post

අරමුණ හොඳයිනම් නළුකම ප්‍රශ්ණයක් ද ? ජිවන් කුමාරතුංග (විඩියෝ)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved