27 April 2024
#දේශීය

හිතේ තිබ්බාට වැඩක් නෑ පෙට්ටියේ නැතිනම් – දුමින්ද කියයි

හිතේ පොහොට්ටුව තිබ්බට ඡන්ද දිනයේදී ඔබේ මනාපය ඡන්ද පෙට්ටියේ නැති වුණොත් රට හදන වැඩපිළිවෙල අපිට ඉෂ්ඨ කර ගන්නට නොහැකි වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති ජන හමුවකදීය.

එහිදී ඔහු මෙසේ කියා සිටියේය ” දැන් එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදුණ නිසා එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා.ඒ වගේම තවත් එක්සත් ජාතික පාක්ෂිකයෝ පිරිසක් ඉන්නවා රනිලුත් එපා -සජිතුත් එපා මුන් දෙන්නම පක්ෂය කෑවා කියලා ගෙදර ඉන්න පිරිසක්.ගෙදර හිටියා කියන්නෙත් අපිට ඡන්දය දැම්මා වගේම තමයි ඒක අලියට හරි තව කාට හරි වැටෙන්නේ නැතිව ගෙදර තියනවා කියන්නේ ඒත් අපිට දුන්නා වගේ.ඒ එක්සත් ජාතික පක්ෂයේ බෙදීමත් එක්ක රට ගැන තියෙන හැඟීමත් එක්ක හැමෝම එකතු වුණාම අපිට 2/3 ක බලයක් ගන්න පුලුවන්.දැන් ආයේ අපේ කිසිම වාද – භේදයක් නෑ, එක ලකුණයි තියෙන්නේ පොහොට්ටුව විතරයි තියෙන්නේ.අපි හැමෝම ඒ ගොඩේ ඉන්නේ.ඒ නිසා පොහොට්ටුවට කතිරය ගහලා ඒ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඡන්දය දවසේ ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් අර ගෝණි පඩංගුව අස්සේ කතිරය ගහන්න ඕන, දැන් කොරෝනා නිසා පෑනකුත් ගෙනියන්න ඕන, මාස්ක් දාගෙන යන්න ඕන, මේවා කරදර වැඩ කියලා හිතුවොත් හිතේ පොහොට්ටුව තිබ්බට පෙට්ටියේ නැති වුණොත් අපි හිතන දේවල් ඉෂ්ඨ කර ගන්න බෑ, ඒ නිසා හිතේ පොහොට්ටුව තිබිලා බෑ, පෙට්ටියේ පොහොට්ටුව තියෙන්න ඕන යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *