• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දෙසැම්බර් 08 පෙර ජනාධිපතිවරණයක් ….! මහින්දට ආයේ ජනපති වෙන්න බෑ !

10 April 2019
in දේශීය

මේ රටේ නීතිය අනුව මහින්ද රාජපක්ෂ මහතාට ආයේ මේ රටේ ජනාධිපති වෙන්න බැරි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මේ රටේ නීතිය අනුව ඝෝඨාභය රාජපක්ෂ මහතාට වගේම ද්විත්ව පුරවැසිභාවය තියෙන කිසිම කෙනෙකුට මේ රටේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්න පුළුවන්කමක් නොමැති බව හෙතෙම පැවසිය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ” ඊළඟට පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණය, ඒ සඳහා දෙසැම්බර් මස 08 වැනිදාට ප්‍රථම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න සියලු පක්ෂ- අනෙක් සියලු පක්ෂත් එක්ක සාකච්ජා කරනවා, අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක , සන්ධානයේ අනෙකුත් පක්ෂ සාකච්ජා කරනවා. ජනතා විමුක්ති පෙරමුණත් සියලු පක්ෂ සමඟ සාකච්ජා කළා.එක්සත් ජාතික පක්ෂයත් විවිධ පක්ෂ සමඟ සාකච්ජා කරනවා.සි

යලු පක්ෂ ඉදිරියේදී කොහොමද මැතිවරණයකට මුහුණ දෙන්නේ කියන කාරණාව පිළිබඳව අනෙකුත් පක්ෂත් එක්ක අභ්‍යන්තර සාකච්ජා පවත්වනවා.ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා.මම එය ප්‍රකාශ කලේ දැන් නෙමෙයි, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත් වෙලා බොහෝම කෙටි කාළයක් තුළ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කර ගන්න ඕන කියන කාරණාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මතවාදයක් දරනවා අපි. මේ රටේ නීතියක් තියෙනවා, අපි හැමෝම ඒ නීතියට ගරු කරනවා, ඒ නීතිය අනුව මහින්ද රාජපක්ෂ මහතාට ආයේ මේ රටේ ජනාධිපති වෙන්න බෑ, ඒ වගේම මේ රටේ නීතිය අනුව ඝෝඨාභය රාජපක්ෂ මහතාට වගේම ද්විත්ව පුරවැසිභාවය තියෙන කිසිම කෙනෙකුට මේ රටේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්න පුළුවන්කමක් නෑ.

ඒක අපි ආයේ හෝද හෝද මඩේ දාන්න දෙයක් නෑ, අපි දන්න නඩු තීන්දුවක් තියෙනවා ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්ව්ත්ව පුරවැසිභාවය නිසා මන්ත්‍රී ධූරයත් අහෝසි වුණා, ද්විත්ව පුරවැසිභාවය තියෙන කෙනෙකුට ජනාධිපති අපේක්ෂකයා වෙන්න බෑ කියන එක ආයේ ආයේ අහන්න දේකුත් නෙමෙයි, ආයේ ආයේ කියන්න දේකුත් නෙමෙයි.හැබැයි ද්විත්ව පුරවැසිභාවය තියෙන කට්ටිය අපේක්ෂකයා වගේ හැසිරෙන කොට ආයේ -ආයේ ඒ දේ අහන අහන එක ගැන, කියන එක ගැන අපි කණගාටු වෙන්නෙත් නෑ. එල්ලුම් ගහ පිළිබඳව මත දෙකක් තිබෙනවා, සමහරු කියනවා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එක හොදයි කියලා, තව සමහර කණ්ඩායමක් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න එපා කියලා.ඒ පිළිබඳව ජනාධිපතිතුමා ඉතා හොඳ තීන්දුවක් ගනියි.මේ අදහස් දෙකම සලකා බලලා වඩා හොඳ තීන්දුව ගනියි.එල්ලුවත් නැතත් හරියට නීතිය ක්‍රියාත්මක කරනවා නම් ඒකත් ලොකු දෙයක්.මේ රටේ ඒ දේත් අඩුවෙලා තිබුණේ, හරියට නීතිය ක්‍රියාත්මක කරනවා නම්, බන්ධනාගාර තුළ සිදු වන නීති විරෝධි වැඩ නවත්වන්න බන්ධනාගාර තුළත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයැයි .පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසිය. 

Post Views: 11
Previous Post

ලයිට් කැපිල්ල – අපේ බුවා 4 වන කොටස

Next Post

FB ලිපියට ITN කාර්ය මණ්ඩලයෙන් නිදහසට කරුණු විමසයි

editor

editor

Next Post

FB ලිපියට ITN කාර්ය මණ්ඩලයෙන් නිදහසට කරුණු විමසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved