• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ග්‍රාමීය පාලම් 200 ක් ඉදිකිරීමට නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 51 ක්

28 March 2019
in සංවර්ධන

රට පුරා ග්‍රාමීය පාලම් 200 ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 50.67 ක් ණය හා ප්‍රදාන වශයෙන් ලබාදීමට නෙදර්ලන්ත රජය එකඟතාවය පළකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙම ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් නෙදර්ලන්තයේ කෝපරේටිව් රබෝ බැංකුව යූ.ඒ. (The Cooperatieve Rabobank U.A. of the Netherlands) සමඟ සාකච්ඡා පැවැත්වීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ නිර්දේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදලින් 75% ක් පමණ වන යුරෝ මිලියන 42 ක් සහනදායී මූල්‍ය ණය වශයෙන් රබෝ බැංකුවෙන් ලබාගැනීමට නියමිත අතර ඉතිරි යුරෝ මිලියන 14 නෙදර්ලන්ත රජයේ සංවර්ධනය හා බැඳුණු යටිතල පහසුකම් කාර්ය ඒකකය මගින් ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිතය.

රටේ ප්‍රධාන සංවර්ධන ක්‍රියාදාමයන්හි පූර්ණ ප්‍රතිලාභ, දුෂ්කර ගම්මාන සඳහාද ලබාදීමේ පියවරක් ලෙස ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් මීට වසර කිහිපයකට පෙර රජය විසින් ආරම්භ කරන ලදී. එමඟින්, අඩු පහසුකම් සහිත ගම්මාන බොහොමයකට නිසි ප්‍රවාහන පහසුකම් සැපයීමට හැකියාව ලැබී තිබේ.

මෙම ග්‍රාමීය පාලම් 200 ඉදිකිරීමේ ස්ථාන, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් දැනටමත් හඳුනාගෙන ඇත.

Post Views: 8
Previous Post

යොවුන්පුරය 2019 හම්බන්තොටදී අති උත්කර්ෂවත්ව පැවැත්වේ

Next Post

අභියාචනාධිකරණ සභාපති ලෙස ජනාධිපති නීතිඥ යසන්ත පත් කෙරේ

editor

editor

Next Post

අභියාචනාධිකරණ සභාපති ලෙස ජනාධිපති නීතිඥ යසන්ත පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved