ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට වන චෝදනාව මත සිදුවන පරීක්ෂණය සඳහා හෙට (03) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන කැඳවා ඇති බව වාර්තා වෙයි.
2011 ලෝක කුසලානය අවස්ථාවේ මහේල ජයවර්ධන කණ්ඩායමේ උප නායක ලෙස කටයුතු කරනු ලැබිණ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර අද (2) ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සාක්‍ෂි ලබාදී තිබේ.
එහිදී පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇති බවත් වාර්තා වෙයි.
සංගක්කාර මේ වන විටත් එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුර හොබවයි.