27 April 2024
#සංවර්ධන

අත්තනගල්ලේ 2020 දී බිලියන 33 ක ජල ව්‍යාපෘතියක් – රාජ්‍ය ඇමැති ලකී කියයි

2020 වසර වන විට ගම්පහ අත්තනගල්ල යෝජිත ජල ව්‍යාපෘතියෙහි කටයුතු අවසන් කරන බවත් ඒ සඳහා මේ වන විට රජය මගින් බිලියන 33 ක මුදලක් වැය කිරීමට කටයුතු කරන බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය රජය යටතේ සියළු පහසුකම් ජනතාව වෙත ලබා දීමට කටයුතු කරනු ඇති බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක වන ජල ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කිරීම සහ ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට පවතින ජල ගැටළු වලට විසඳුම් ලබාදීමේ හමුව පසුගිය නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණී.

ඒ සඳහා නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු අනෙකුත් ගම්පහ දිස්ත්‍රික්ක දේශපාලන නායකත්වයන් මෙන්ම, ජාතික ජල සම්පාදන සහ ජලාපහවන මණ්ඩලයේ සභාපති, ප්‍රජා ජල දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්, කුරුණෑගල වැවිලි සංස්ථාවේ සභාපති, ව්‍යාපෘති කළමනාකරුවන් මෙන්ම අනෙකුත් නිලධාරීන් සම්බන්ධ වූ අතර එහිදී දැනට ක්‍රියාත්මක වන ජල ව්‍යපෘති වේගවත් කිරීමට පියවර ගත් අතර ව්‍යාපෘති ප්‍රගති සමලොචනයන් නිරන්තරයෙන් කැදවමින් ව්‍යාපෘති ඉතා කඩිනමින් නිම කිරීමට අවශ්‍ය තීන්දු තීරණ රාශියක් ලබා ගත්තේය.

ඊට අමතරව දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයන් මතු කල ජනතා ජල ගැටළු සාකච්චා කර අතර ඒවාට නිසි විසදුම් ලබාදීම සඳහා ඊට අදාළ නිලධාරීන් සමඟ සමබන්ධීකරණය කල අතර එම ගැටළු ඉතා කඩිනමින් විසදීමට තීරණය කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *