27 April 2024
#දේශීය

ලංකාවේ මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සදහා හජ් කෝටාව වැඩිවේ

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය M.H අබ්දුල් හලීම් අමාත්‍යවරයා පසුගියදා සෞදි අරාබි රාජ්‍යයේ ජෙඩා නුවරදී සෞදියේ හජ් කටයුතු අමාත්‍යවරයා හමුවී ලංකාවේ වෙසෙන මුස්ලිම්වරුන්ගේ හජ් කෝටාව වැඩිකර ගැනීම සදහා සාකච්ඡා කර තිබේ.

මෙතෙක් කල් ලබාදී තිබුනේ 2800 පමණ බැතිමතුන් ප්‍රමාණයක් සදහා වන්දනා කිරීමේ අවස්ථාවකි. නමුත් හලීම් අමාත්‍යවරයාගේ මෙවර සාකච්ඡා ඉතා සාර්ථක වෙමින් 2019 වසරේදී ලංකාවේ මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සදහා අවසර ලබාදීමට සෞදි රජය කටයුතු කර බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වන්දනා ආරම්භ කිරීමෙන් අනතුරුව තත්ත්වය සලකා බලා ඉදිරියේදී කෝටාව වැඩි කීරීමට පුලුවන් විය හැකි බවට තමා විශ්වාස කරන බවද හලීම් අමාත්‍යවරයා පැවසීය. මෙහීදී සෞදි රජු ඇතුළු රජයේ සියලු දෙනාටම විශේෂ ස්තූතියක් ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් මෙන්ම ලංකාවේ සියළු මුස්ලිම්වරුන් වෙනුවෙන්ද හලීම් අමාත්‍යවරයා පලකරන ලදී .

මෙම සංචාරය සදහා මුස්ලිම් ආගමික කටයුතුදෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක එම්. ආර් මලික් මහතා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මිතා සිම්, ශ්‍රී ලංකාවේ හජ් කමිටු සභාපති ආචාර්ය සියාද්, ගරු අමාත්‍ය තුමන්ගේ පෞද්ගලික ලේකම් එම්. එච් ෆාහිම් ඇතුළු කණ්ඩායමක් සහබාගි විය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *