27 April 2024
#විදෙස්

බ්‍රිතාන්‍ය අගමැතිනිය දෙවන වරටත් විශ්වාසභංගයෙන් ජය

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා හට ඉදිරිපත් වු දෙවන විශ්වාසභංග යෝජනාව ද ඇයට ජය ගැනීමට හැකි වු විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.  විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 306ක් ලැබී ඇති අතර එයට එරෙහිව ඡන්ද 325ක් ලැබී තිබේ.

තෙරේසා මේ විසින් ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වී පැය 24ක් යාමට පෙර ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාව ඇය ජය ගැනීම විශේෂත්වයකි.

පසුගිය වසරේ දෙසැම්බර් 12 වන දින ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වු අතර එය ද වැඩි ඡන්ද 83කින් ජය ගැනීමට ඇය සමත් වුණි.

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විමට අදාළ බ්‍රෙක්සිට් යෝජනාව ඊයේ(16) දිනයේදී වැඩි ඡන්ද 230කින් පරාජයට පත් වුණි.

ස්වාර්ථය පසෙකලා බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා එක්ව ක්‍රියා කරන්නැයි, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ එරට ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී පැවති විශ්වාසභංගය ජය ගැනීමෙන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ ජනතා අභිලාෂයන් මුදුන්පත් කරමින් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ක්‍රියා කරන බවයි.

 

පෙර පුවත් 

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසාගේ පක්ෂනායකත්වය තවදුරටත් ශක්තිමත්

Leave a comment

Your email address will not be published. Required fields are marked *