2020 වසර යනු එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය සිදුවන වසර බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ කළුතර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, 2019 හා 2020 ලංකාවේ දේශාපාලනයේ ඉතිහාසගත වසරක් වන බවයි.
1946 ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය අවසන් කරන අවුරුද්ද 2020 වන බවත් 1956 ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් කරන වසර වන්නේ ද 2020 වන බවද පැවසු නලින්ද ජයතිස්ස මහතා පැරණිතම දේශපාලන පක්ෂ දෙකක් කනත්තට යවන වසර මෙය බවද පැවසීය.
එහි ගෞරවය හෝ අගෞරවය රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන විසින් බාර ගත යුතු බවත් පැවසු ඒ මහතා, එය දේශපාලනයේ නව අත්දැකීමක් වන බවත් කියා සිටියේය.
අලියා ලකුණින් දේශාපලනයට පැමිණි සමහරු අද වන විට එම ලකුණට අපහස කරන බවත් පැවසු මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස සමඟ නව දේශපාලන පක්ෂයක් සාදා ගෙන ඉදිරියට යන විට මෙම පිරිස එම පක්ෂය ද අනිවාර්යයෙන්ම විනාශය කරන බවද පැවසීය.